ගෝලීය තරුණ නායකත්ව සංසදයේ තරුණ නායකයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මැදුරේ අද (17) පස්වරුවේ පැවැති සාකච්ඡාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් අදාළ සාකච්ඡාව අතරමඟදී පන්නාදමාගෙන ඇතැයි වාර්තා වේ.
මෙසේ මාධ්‍යවේදීන් පන්නාගෙන ඇත්තේ අගමැති කාර්යාලයේ සේවය කරනු ලබන ඉක්බාල් නැමැත්තකු විසිනි. අදාළ සාකච්ඡාව ආරම්භවීමෙන් පසුව හොංකොං, පාකිස්තානය හා ශ්‍රී ලංකාවෙන් ඊට එක්ව සිටි තරුණ නායකයින් අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසා ඇති අතර ඊට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නද එහි මයික්‍රොෆෝනය ක්‍රියා විරහිතව තිබීම නිසා ඔහුගේ පිළිතුරු කිසිවකුට ඇසී නොමැති බවද වාර්තා වේ.
මුල් අවස්ථාවේදී අගමැතිවරයාගේ මයික්‍රොෆෝනය ක්‍රියාත්මක නොවන බව ඔහුට අවබෝධවී නැතත් පසුව ඒ බව වැටහී ඇති අතර ඉන් අග්‍රාමාත්‍යවරයා අපහසුතාවයට පත්වූ බවද පැවසේ. එම අවස්ථාවේදී අදාළ සේවකයා පැමිණ දැන් යන්නැයි කියමින් මාධ්‍යවේදින් පන්නාගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාධ්‍යවේදියකු කියා සිටියේ තම ආයතනයෙන් මේ සාකච්ඡාව ආවරණය කිරීමට තමාව අනුයුක්ත කර ඇතත් අගමැති කාර්යාලයේ අදාළ සේවකයා සිදු ක්‍රියාව හේතුවෙන් තම ආයතනයට පුවතක් නිර්මාණය කර ගැනීමට නොහැකිවීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි.
එසේම මීට පෙර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ද අදාළ සේවකයා මෙලෙසින්ම මාධ්‍යවේදීන්ට බාධා සිදු කළ බවද ඔහු කියා සිටියේය. මේ සාකච්ඡාවට තරුණ නායකයින් 20 දෙනෙකු පමණ සහභාගිව සිටි බවද පැවසේ.
Thursday, February 18, 2016
අරලියගහ මැදුරෙන් මාධ්‍යවේදීන් පන්නාදමලා !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment