ලෝකු කුසලාන පිලට එක්වෙන්න සටන් වදින තුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

ලෝකු කුසලාන පිලට එක්වෙන්න සටන් වදින තුන

පන්දුවාර විස්‌සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවන ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ස්‌ථාන දෙකක්‌ සදහා තුන් දෙනෙකුගේ නම් යෝජනා වීම හේතුවෙන් අවසන් සංචිතය නම් කිරීම අද (18) දක්‌වා කල් දමා තිබේ.

ෂෙහාන් ජයසුරිය, ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් යන තිදෙනාගෙන් දෙනෙකු තෝරා ගැනීම සම්බන්දයෙන් ඇති වු ප්‍රශ්ණයක්‌ මත අවසන් සංචිතය නම් කිරීම කල් දමා ඇත. විස්‌සයි විස්‌ස ලෝක කුසලානට සහභාගි වන 15 දෙනාම එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා නම් කිරීමට කපිල විඡේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගැනීමට එකඟතාවයක සිටින බවද මේ අතර වාර්තා වේ.

විස්‌සයි විස්‌ස ලෝක කුසලාන සංචිතයට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායම පළපුරුදු ක්‍රීඩකයන් බහුතරයකගෙන් සහ නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සමබර කණ්‌ඩායමක්‌ වී ඇතැයි වර්තා වේ. අවසන් වරට 2014 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් යළිත් විස්‌සයි - 20 කණ්‌ඩායමට එක්කර තිබේ. කෙසේවුවද ඔහු ක්‍රීඩා කර ඇත්තේ විස්‌සයි - 20 තරග නවයකට පමණි.

විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට අනුමාන කරන කණ්‌ඩායම

ලසිත් මාලිංග (නායක), ෂෙහාන් ජයසූරිය හෝ ලහිරු තිරිමාන තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, මිලින්ද සිරිවර්ධන, දසුන් ෂානක, රංගන හේරත්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ්‍රසි හෝ කසුන් රාජිත තිසර, පෙරේරා, චාමර කපුගෙදර, නිරෝෂන් දික්‌වැල්ල

No comments:

Post a Comment

Post Bottom Ad