ගංගාරාම පෙරහැරට ජනපති විශාල මුදලක් වෙන් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

ගංගාරාම පෙරහැරට ජනපති විශාල මුදලක් වෙන් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර සඳහා පෙරහැර ඉතිහාසයේ ප්‍රථම වරට විශාල ආධාර මුදලක් ජනාධිපති අරමුදලින් වෙන් කර ඇත.

එම ආධාර පිරි නැමීමට හේතුව පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නවම් මහ පෙරහැරේ ජීවය බවට පත් ව ඇත්තේ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය බවත් ඒ පිළිබඳ සිය සතුට පළ කිරීමක් වශයෙන් එම ආධාර පිරි නැමීමට හේතුව බවත් ය.

එම කාර්මික විදුහලේ නව ගොඩනැගිල්ල වර්ග අඩි දෙලක්ෂයක ඉඩ ප්‍රමාණයකින් යුතු ව බේරේ වැව ආසන්නයේ ඉදිවෙමින් පවතී. ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර එළැඹෙන 21 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර 22 වැනි දා පෙරහැර ආරම්භ කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad