තලවාකැලේ ගින්නෙන් අක්කර 05ක් විනාශයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

තලවාකැලේ ගින්නෙන් අක්කර 05ක් විනාශයි (PHOTOS)

තලවාකැලේ සෙන්ක්ලෙයාර් දියඇල්ල අසළ රක්ෂිතයේ හටගත් ගින්නකින් ඉලූක් සහිත රක්ෂිතයේ අක්කර 05ක් ගිනි ගෙන විනාශ වි ඇති බව වාර්තා වේ.

ඊයේ  (24) පස්වරු 3.00 ට පමණ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල ප්‍රදේශයේ හටගත් මෙම ගින්න  පැවති වියළි කාළගුණයත් තද සුළං තත්ත්වයත් නිසා සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.

සෙන්ක්ලෙයාර් දියඇල්ල අසළ ඉදිකර තිබෙන පෞද්ගලික අංශයට අයත් නිවාඩු නිකේතනයන් දෙසට ද ගින්න පැතිර යමින් තිබු නිසා යුද හමුදාව, නුවරඑළිය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශමයක් දරා ගින්න පාලනය කිරිමට සමත් වී ඇත.

ඡායාරූප පහතින්...

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad