නාමල් රාජපක්ෂ යහපාලනයට - රන්ජන්ගෙන් ප්‍ර‍කාශයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

නාමල් රාජපක්ෂ යහපාලනයට - රන්ජන්ගෙන් ප්‍ර‍කාශයක් (VIDEO)

ඇඹිලිපිටියේදී සාදයක් අතරතුළදී මියගිය සුමිත් ප්‍රසන්න තරුණයාගේ අවමංග්‍ය උත්සවයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සහභාගීවීම හොඳ දෙයක් බවත්, ඒ අනුව ඔහුද යහපාලනයට එක්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

කෙසේ වෙතත් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හැංගුණ බවත්, රතුපස්වල ඝාතනයන්, ඇගලුම් සේවක රෝෂේන් හා ධීවර ඇන්තනීගේ මළ ගෙවල් සඳහා නාමල් මන්ත්‍රීවරයා සහභාගීවූ නොවූ බවත් සිය ෆේස් බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳව පොලීසිය, රජය හා උසාවිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බලා සිටින බවත් ඔහු සඳහන් කරයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විනාශ කළේද පොලීසියේ ඇතැම් නිලධාරීන් බවත්, සිය යෙහෙළියක වුවත් මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම හරහා අපහසුතාවට පත්වුණේ රජය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න

රන්ජන් ඇඹිලිපිටියේදී තරුණයාගේ පැත්ත ගනී, මාරු කර පමණක් බැහැ, වැරදි කල අයට දැඩි දඩුවම් ලබාදිය යුතුයි. ස්වාධින පොලිස් කොමි...
Posted by Ranjan Ramanayake on Sunday, 10 January 2016

No comments:

Post a Comment

Post Bottom Ad