උපාධිධාරී 2660කට පත්වීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

උපාධිධාරී 2660කට පත්වීම්

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් 2660 දෙනෙකුට අද (12) රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලබාදීම සිදු කෙරේ. 

උපාධිය ලබාගත් පිරිසට අභ්‍යාසලාභී පත්වීම් ලබාදීමේ දී රාජ්‍ය සේවයට ඇතුළත්වීමට නොහැකි වූ උපාධිධාරීන්ට සහ 2012 වසරේ මාර්තු 31 වැනි දිනෙන් පසුව උපාධිය ලබාගත් උපාධිධාරීන් පිරිසක් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමට මෙම පත්වීම් ලබාදීම සිදු කෙරේ.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් පිරිනැමීම සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad