‘කදිරගාමර්, LTTE තහනමට පියවර ගැනීම වැරදියි’ - සොල්හයිම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

‘කදිරගාමර්, LTTE තහනමට පියවර ගැනීම වැරදියි’ - සොල්හයිම්

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය (LTTE) යුරෝපා සංගමය ඇතුළු රටවල තහනම් කිරීම ශ්‍රී ලංකාවේ සාමයක් ඇති කිරීමට බාධාවක් වූ පවසන එරික් සෝල්හයිම් මහතා, හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඒ වෙනුවෙන් කල් ගත කිරීම විවේචනයට ලක් කර තිබේ.

යුරෝපය සහ ලෝකය පුරා යමින් LTTE තහනම් කරන ලෙස ආණ්ඩු වලට ඒත්තු ගන්වන්නට ලක්ෂ්මන් කදිරගාමර් මහතා සෑහෙන කාලයක් ගත කළ බව ශ්‍රී ලංකා රජයත් විමුක්ති කොටි සංවිධානයත් අතර 2002 ආරම්භ වූ සාම ක්‍රියාදාමයේ ප්‍රධාන පහසුකාරක එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කොට තිබුනේ දෙමළ ජනයාට යුක්තිය (Justice for Tamils) විසින් කැනඩාවේ සිට අන්තර්ජාල ගත කෙරෙන වීඩියෝ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“මම තාමත් හිතන්නේ එය වැරදි උපාය මාර්ගයක් ලෙසයි.”

ප්‍රභාකරන්ට තිබූ ඉඩකඩ :

පැරිසිය මුලස්ථාන කොටගත් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සංවිධානයේ (OECD) සංවර්ධන ආධාර කමිටුවේ වර්තමාන ප්‍රධානී සොල්හයිම් මහතා පවසන්නේ ලෝකය සමග සබඳතා පැවැත්වීමට නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තිබූ ඉඩකඩ LTTE තහනම මගින් අහුරා දමන ලද බවයි.

“අප කළ යුතුව තිබුනේ සම්පුර්ණයෙන්ම එහි අනික් පැත්ත. LTTE ය සමග සම්බන්ධය වැඩිව තිබූ තරමට හොඳයි. ප්‍රභාකරන් සමග කතා කිරීමේ අවස්ථාව දේශපාලන නායකයන් බොහෝ දෙනකුට සැලසුනා නම් දේශපාලන විසඳුමකට එකඟ වීමට ඔහුට බලපෑමක් කරන්න තිබුණු හැකියාව වැඩියි.”

එරික් සොල්හයිම් මහතා පවසන පරිදි සාම ක්‍රියාදාමයට පහසුකම් සැලසූ නෝර්විජියානුවන් හැරුනුකොට විමුක්ති කොටි නායක ප්‍රභාකරන් මුණ ගැසුණු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් වන්නේ හිටපු යුරෝපා සංගම් කොමසාරිස් ක්‍රිස් පැටන් මහතා සහ ජපාන විශේෂ නියෝජිත යශුෂි අකාෂි මහතා පමණයි.

“ඒ හැරුණු කොට ඔහුට සිංහලයන්ට හෝ වෙනත් විදේශිකයන් සමග කතාබහ කරන්න අවස්ථාව ලැබුනේ නැහැ,” යි එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කොට තිබේ.

(radiogagana.com)

No comments:

Post a Comment

Post Bottom Ad