සාදුලාට සාස්තර කීම තහනම් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

සාදුලාට සාස්තර කීම තහනම් !

භික්ෂූන් වහන්සේලා ශාස්ත්‍රකීම හෝ ගුප්ත විද්‍යාවල නිරතවීම හෝ එවැනි දේට ප්‍රචාරය ලබාදීම තහනම් කෙරෙන නීති ගෙනඒමට රජය තීරණය කර තිබේ.

එසේම වෙළෙඳ, ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීම හා රිය පැදවීම ද මේ නව පනත යටතේ නීතිවිරෝධී කියාවක් වනු ඇතැයි පැවසේ.

අදාල පනතට අනුව භික්ෂූන්ට සමාජ සේවා, ආගමික හෝ අධ්‍යාපන කටයුතුවල හැර වෙනත් අංශවල රජයේ හෝ පෞද්ගලික රැකියාවල නිරතවිය නොහැකි බව වාර්තා වේ. එසේම ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂුනමකට අකැප අයුරින් හැසිරියද නොහැකිය.

මෙවැනි වැරදි සිදුකරණ භික්ෂුවකට සංඝාධිකරණයක් මගින් පිරික්ෂාකර බලා භික්ෂුභාවයෙන් ඉවත් කිරීම දක්වා දඞුවම් කළ හැකිය. එම නියෝග පිළි නොපදින අයකුව මහේස්ත්‍රාත් වරයකුට රැපියල් 50,000ක දඩයක් හෝ සය මසක සිර දඬුවම්ක් ලබාදීමේ හැකියාව ලැබෙන බවද පැවසේ.

නිකායක් විසින් සංඝාධිකරණයකින් වරදකරු කළ භික්ෂුවකට වෙනත් නිකායක භික්ෂුභාවය ලබාගත නොහැක. ඊට අමතරව භික්ෂුන්ගේ සිවුරේ වර්නය ත්‍රෛයිනිකායික හිමිවරුන්ගේ තීරණය පරිදි නියම කිරීමට ද මේ පනතේ විධිවිධාන යොදා ඇත. මෙය “ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ ජනතා කෙටුම්පත ලෙස අද (12) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad