ඉන්දියාවේ බොර තෙල්, ජල බෝතලේකටත් වැඩිය ලාභයි ලු! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

ඉන්දියාවේ බොර තෙල්, ජල බෝතලේකටත් වැඩිය ලාභයි ලු!

ඉන්දියාවේ බොර තෙල් ලීටරයක මිල මිනිරල් ජලය (mineral bottle) සහිත බෝතලේකටත් වඩා මිලෙන් අඩු බව වාර්තා වේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් සේවය විසිනි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අඩුවීමත් හා ඉන්දීය රුපියල - ඩොලරය අතර විනිමය අනුපාතය ස්ථාවරව පැවතීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයි පැවසේ.

ඉන්දියාව තුළ ලීටර් 159ක් සහිත බොර තෙල් බැරලයක මිල $29.24 හෝ ඉන්දීය රුපියල් 1,956.45 දක්වා අඩුවී ඇති බව පසුගිය සතියේදී ඉන්දීය රජය විසින් නිවේදනය කර තිබුණ බවත් මේ අනුව එරට බොර තෙල් ලීටරයක මිල ඉන්දීය රු. 12ක් වන බවත් එහි දැක්වේ.

එරට මිනිරල් ජලය (mineral bottle) සහිත බෝතලයක මිල ඉන්දීය රු. 15කි. කෙසේ වෙතත්, රජයේ ආදායම් වැඩිකරගැනීමේ අරමුණෙන් ඉන්දීය රජය විසින් පෙට්‍රල් හා ඩීසල් මත පැනවූ බදු, වත්මන් ෆිස්කල් වසර තුළදී තෙවැනි වරටත් වැඩි කර තිබේ.

මේ අනුව, නවදිල්ලි නුවර පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 59.35ක් ද ඩීසල් ලීටරයක් ඉන්දීය රුපියල් 45ක්ද වේ.

No comments:

Post a Comment

Post Bottom Ad