ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 8,9,10 සේවා නවතියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 8,9,10 සේවා නවතියි

සිය සමාගමට අයත් අන්තර්ජාල සෙවුම් මෘදුකාංගය (බ්‍රවුසර් මෘදුකාංගය) වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 11 ලබාගන්නා මෙන් මයික්‍රොසොෆ්ට් සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට භාවිතයේ පවතින ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 8,9,10 හා මයික්‍රොසොෆ්ට් එජ් යන අනුවාද (versions) සඳහා සිය සහය සේවා අදින් (12) අවසන් කරන බව එම සමාගම කියා සිටියි. සහය සේවාවන් අවසන් වූ පසුව එම පැරණි අනුවාද සඳහා වන ආරක්ෂක යාවත්කාලීනකිරීම් හෝ අනෙකුත් සේවා අත්හිටවනු ලැබේ.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 8,9 හා 10 අනුවාද සඳහා සිය සහය සේවා නවත්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම පළමුවරට පවසා සිටියේ පසුගිය අගෝස්තු මාසයේය.

මේ වන විටත් ලෝකය පුරා මිලියන 340ක් පමණ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බ්‍රවුසර් මෘදුකාංගය භාවිතා කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙහි අඩක් පමණ භාවිතා කරනුයේ මෙලෙස සේවා අත්හිටවූ අනුවාද යැයි පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad