රතුමස්‌ අධි භාවිතය පිළිකා කාරකයිලු‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 13, 2016

රතුමස්‌ අධි භාවිතය පිළිකා කාරකයිලු‌

රතු මස්‌ වර්ග එනම් හරක්‌, එළු, ඌරු, කුකුළු මස්‌ වර්ග නිතර අධික ලෙස පරිභෝජනයට ගැනීම පිළිකා රෝග ඇතිවීමේ හේතුවක්‌ බව ඇමෙරිකාවේ බහුල ලෙස පැතිරී යන පිළිකා රෝගය පිළිබඳ කරන ලද පර්යේෂණවලදී සනාථ වී ඇතැයි සමස්‌ත ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය පී. එස්‌. කීර්ති කුමාර මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ කරන ලද ඇමරිකාව එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව දිනකට ග්‍රෑම් 70 කට වඩා හරක්‌මස්‌ ඇතුළු රතු මස්‌ වර්ග ආහාරයට නොගත යුතු බවට ජනතාවට අවවාද කර ඇතැයි කීර්තිකුමාර මහතා සඳහන් කළේය.

එක එල්ලේම මස්‌ අනුභවය පමණක්‌ නොව මස්‌ වර්ග මිශ්‍ර කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාරයට ගැනීම ද අගුණ බව සඳහන් කරන කීර්තිකුමාර මහතා ලංකාවේද මෑතක සිට පිළිකා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන ස්‌වභාවයක්‌ දකින්නට ඇති නිසා විශේෂයෙන් හරක්‌මස්‌ ආහාරයට ගැනීමේදී පාලනයක්‌ ඇති කර ගත යුතු බව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad