පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මියගිය තරුණයා පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්ෂි කිසිවක් හමුවී නැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි. ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියා .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යරයා ,
මේ පිළිබඳ විමර්ශන අවසන්ව නෑ. සම්පූර්ණ ප්‍රකාශයක් පරීක්ෂණවලින් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. සාදය පැවැති ස්ථානයට ආ පොලිස් ජංගම නිලධාරීන් හා සාදයේ පිරිසක් අතර ගැටුමක් සිදුව තිබෙනවා. තුවාල ලත් සුමිත් ජයවර්ධන ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
පොලිස්පති නියමය පරිදි පරීක්ෂණ රත්නපුර පොලිස් ස්ථානාධිපති යටතේ සිදු කෙරෙනවා. පොලිසියෙන් හා මරණකරුගේ පාර්ශවයෙන් පරස්පර ප්‍රකාශ ඉදිරිපත්ව තිබෙනවා. ශබ්ද විකාශන යන්ත්‍රවලින් අසල්වැසියන්ට පීඩා සිදුවන බවට කළ පැමිණිල්ල මත ශබ්ද විකාශන යන්ත්‍ර නතර කිරීමට උපදෙස් දෙද්දී සාදයේ සිටි පිරිස කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය පවසනවා.
මරණකරුගේ පාර්ශ්වය පවසන්නේ පොලිසිය පැමිණ අරක්කු බෝතල් ඉල්ලා සිටීම නිසා කලහකාරී සිද්ධියක් වූ බවයි. මෙම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසරයක් ලබාගෙන නැති බවත් හෙළි වී තිබෙනවා. මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්ෂි නැහැ. ඔහු උඩු මහලින් වැටෙන අයුරු දුටු සාක්ෂිකරුවෙක් ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමට ඉදිරිපත්ව තිබෙනවා.
නිවැරැදි තත්ත්වය අනාවරණය කරගැනීමට වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර නැති නිසා මෙය ඝාතනයක් ද යන්න මෙතෙක් තහවුරු වී නෑ.මේ සිද්ධිය ගැන කනගාටු වෙනවා. මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් සාධාරණ ලෙස සිදුකරනවා.
Wednesday, January 13, 2016
Home
ප්රවෘත්ති
ලංකාවේ පොලිසිය හොදා …. යි ,ඇඹිලිපිටිය සුමිත් මැරුණේ පල්ලෙහාට වැටිලා ,ඔහුව තල්ලු කරලා නෑ -ලක් රජය
ලංකාවේ පොලිසිය හොදා …. යි ,ඇඹිලිපිටිය සුමිත් මැරුණේ පල්ලෙහාට වැටිලා ,ඔහුව තල්ලු කරලා නෑ -ලක් රජය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment