වෙලේ සුදාගෙන් සල්ලි ගත්ත පිරිසක් හිරුණිකාට විරුද්ධව වැඩ කරන නිසා හිරුණිකාගේ ගැටළුව මෙතරම් දුර දිග ගිය බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා ,
“හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරියගෙන් මම මේ ගැන විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් මිතුරන් අතරේ ප්‍රශ්නයක් ඇති වුණාම යාළු කරගන්න, හිතවත් කරගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. එයා අරගෙන, ඇදගෙන ඇවිත් හරි යාළු කරන්න බලනවා.
මෙතැනදී හිරුණිකා තරුණ මන්ත්‍රීවරියක්. එතුමියගේ මානසිකත්වය අනුව එතුමිය හිතුවා මේ කරපු වැඩේ හරි කියලා. නමුත් නීත්‍යනුකූලව බලලා ඒ ගැන පැමිණිල්ලක් කරන්න පුළුවන්. වෙලේ සුදාගෙන් සල්ලි ගත්ත පිරිසක් හිරුණිකාට විරුද්ධව වැඩ කරන නිසා තමයි මේ ප්‍රශ්නෙ මෙච්චර දුර ගියේ.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ ඩිෆෙන්ඩර් එකක් පාවිච්චි කිරීමයි. නැනෝ කැබ් එකකින් හරි ත්‍රීවිල් එකකින් හරි ගිහින් මේ ප්‍රශ්නෙ බේරගත්ත නම් ඔච්චර රසවත්ව මාධ්‍ය ඔස්සේ දිගන් දිගටම පළවෙන්නේ නැහැ. මෙතන ඩිෆෙන්ඩර් ප්‍රශ්නයක් තියෙන්නේ.
මේ සිද්ධිය වෙලා මාසයක් යන්න ඉස්සර වෙලා නීතිපතිවරයා නියෝග දුන්නා හිරුණිකා අත්අඩංගුවට ගන්න කියලා. ඔහු ඒ ලියුම අත්සන් කරලා ගෙදර ගියා. නමුත් ඊට වඩා විශාල හොරකම් ගැන එහෙම නියෝග දුන්නෙ නැහැ. ඇවන්ට්ගාඩ් එක ගැන නියෝගයක් දෙන්න බැරිව නීතිපතිගේ දිව ගොතගැහුණා. මනස විකෘති වුණා. පස්සට අද ඇද හිටියා.
Wednesday, January 13, 2016
Home
ප්රවෘත්ති
හිරුණිකාට තිබුණේ අර තරුණයාව නැනෝ කැබ් එකකින් හරි ත්‍රීවිල් එකකින් හරි උස්සන්න .ඩිෆෙන්ඩරයක් නිසයි කතාව දිග්ගැස්සුණේ ….
හිරුණිකාට තිබුණේ අර තරුණයාව නැනෝ කැබ් එකකින් හරි ත්‍රීවිල් එකකින් හරි උස්සන්න .ඩිෆෙන්ඩරයක් නිසයි කතාව දිග්ගැස්සුණේ ….
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment