නිදහස් පක්ෂයේ සංශෝධනවලට අගමැති එකඟවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

නිදහස් පක්ෂයේ සංශෝධනවලට අගමැති එකඟවෙයි

නව ව්‍යවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනවලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය එකගත්වය පළ කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නව ව්‍යවස්ථාව පිළිබදව යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පසු ඒ පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තීරණය කිරීම සදහා පක්ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන කමිටුවක් පත් කරනු ලැබීය. 

එම කමිටුව ඉදිරිපත් කළ කරුණු 9 කින් යුත් සංශෝධන අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එකගත්වය පළ වූ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු සදහා නිදහස් පක්ෂයේ අවධානය යොමුවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. නව ව්‍යවස්ථාව සදහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය මේ වනවිට කථානායකවරයා වෙත භාරදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad