යූටියුබ් වෙතින් ශ්‍රී ලංකාවට විශේෂ අනුවාදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 13, 2016

යූටියුබ් වෙතින් ශ්‍රී ලංකාවට විශේෂ අනුවාදයක්

ලොව ජනප්‍රියතම වීඩියෝ ප‌ට නැරඹීමේ වෙබ් අඩවිය වන යූටියුබි විසින් ශ්‍රී ලංකාව සඳහා වූ විශේෂිත අනුවාදයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම අනුවාදය ඊයේ (12) දියත් කර ඇති අතර එයට පිවිසෙන ඔබට මේ දිනවල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වීඩියෝ පට දැක ගත හැක. ශ්‍රී ලංකාවට අමතරව නේපාලය සහ පකිස්තානය වෙනුවෙන් නිර්මාණය වූ අනුවාදද ඊයේ දියත් කර තිබේ.

නව අනුවාද දියත් කි මට පෙර සිටම එම වෙබ් අඩවියේ සිංහල, උර්දු සහ නේපාල භාෂා ඇතුලත් කොට තිබුණි. මසකට යූටියුබ් වෙබ් අඩවිය වෙත පිවිසෙන පිරිස බිලියන ඉක්මවන අතර එය භාෂා 76 කින් රටවල් 88ක ක්‍රියාත්මක වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad