ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ විවාදය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ විවාදය අද

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සඳහා පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ විවාදය අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ය.

පෙරවරු 9.30 සිට පස්වරු 1.30 දක්වා මෙම විශේෂ විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම යෝජනාව පසුගිය සෙනසුරාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ට ඒ සඳහා අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් එල්ල වු විරෝධය මත අද දිනයේ මෙම විශේෂ පාර්ලිමේන්තු සභාව කැඳවීමට තීරණය වී තිබේ.

ඒ අනුව අදාළ යෝජනාව පිළිබඳව අද දිනය තුළ විවාදය පැවැත්වෙනු ඇති බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
කෙසේවෙතත් මෙරට ඒකීයභාවයට නව ආණ්ඩුක්‍රවම ව්‍යවස්ථාවෙන් බලපෑමක් එල්ල නොවන බව ඛනිජ තෙල් හා පෙට්රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad