සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවද ඔහු කියා සිටී. කෙසේවුවද ඒ පිළිබදව බේකරි හිමියන්ගේ සංගමය පාරිභෝගික අධිකාරිය දැනුවත් කර නොමැති බවද පැවසේ.
අධිකාරිය පසුගියදා පැවසුවේ දැනුම් දීමකින් තොරව බේකරි නිශ්පාදන මිළ ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට අදාළ වැටලීම් ආරම්භ කරන බවයි. කෙසේවුවද බේකරි නිශ්පාදන සඳහා මිල පාලනයක් නොවන බැවින් වැටලීම් කළ නොහැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටී.
මිල ඉහළ යාමත් සමග ඒවා අලෙවි කර ගැනීමේ දැඩි දූෂ්කරතාවකට බේකරි හිමියන් මුහුණ දී සිටින බව ද ජයවර්ධන මහතා පැවසීය.
Tuesday, January 12, 2016
බේකරි නිෂ්පාදන 5කින් වැඩිකරයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment