පස්වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස ‘බැලොන් දෝර්’ සම්මානය දිනාගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙම සම්මානය දිනාගත්තේ පෘතුගාල ජාතික කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ හා බ්‍රසීල ජාතික නේමාර් ද සිල්වා යන ජගත් පාපන්දු පිටියේ සුපිරි ක්‍රීඩකයින් අභිබවාය. විසිඅට හැවිරිදි ලයනල් මෙසී ඡන්ද වලින් 41.33%ක් දිනාගත් අතර ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ නේමාර් පිළිවෙලින් ඡන්ද වලින් 27.76% ක් සහ 7.86% ක් දිනාගත්තෝය.
වසරේ හොඳම පාපන්දු කී‍්‍රඩිකාව ලෙස ඇමෙරිකානු ජාතික කාලි ලොයිඩ් සම්මාන දිනාගත් අතර වසරේ හොදම පුහුණුකරු ලෙස බාසිලෝනා කණ්ඩායමේ පුහුණුකරු ලුයිස් එන්රික් සම්මාන දිනාගත්තේය. කාන්තා පාපන්දු ක්‍රීඩාවෙහි වසරේ හොඳම පුහුණුකරුට හිමි සම්මානය දිනාගත්තේ ඇමෙරිකානු කණ්ඩායමේ පුහුණුකරු ජිල් එලිස් විසිනි.
Tuesday, January 12, 2016
මෙවරත් වසරේ ක්‍රීඩකයා මෙසී
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment