නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි - බැසිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 12, 2016

නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකියි - බැසිල්

නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකි බව හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. බණ්‌ඩාරනායක මහතාට එජාපය හැර යැමට 1947 දී බලපෑ සමාජ දේශපාලන වාතාවරණයක්‌ අද ද නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එජාප, ශ්‍රීලනිප හා ජවිපෙ ක්‍රියාකාරීන් වත්මන් දේශපාලනය ගැන කලකිරී සිටින නිසා නව දේශපාලන ධාරාවක අවශ්‍යතාව මතුවී ඇති බවට බැසිල් රාජපක්‍ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට (බීබීසී) කර තිබූ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා එසේ කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතා සටන් කර ජය ලබාගත් කෙනකු බව ද කුමන්ත්‍රණ කරමින් රාජපක්‍ෂවරුන් බලයට නොපැමිණි බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබිණ.

'නෙලුම් පොහොට්ටුව' :

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ද නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීමට ඇති ඉඩකඩ වැඩි බවට ඉකුත් සති අන්තයේ ප්‍රකාශ කර තිබිණ. බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මේ වනවිටත් 'අපේ නිදහස් පෙරමුණ' නමින් දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත. 'නෙලුම් පොහොට්ටුව' එහි මැතිවරණ සලකුණ වේ. කෙසේවුවද, කුමන තත්වයක් යටතේ හෝ ශ්‍රී ලනිපය හැර නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අවධාරණය කර සිටියි.

රාජපක්ෂලා ඒකාබද්ධ විපක්ෂයේ නෑ :

නව දේශපාලන පක්ෂයක් පිළිබඳව රාජපක්ෂවවරුන් ගේ ඉඟි පලකිරීම් සම්බන්ධයෙන් 'දිනමිණ' පුවත්පතට ප්‍රකාශයක් කර ඇති  පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා,  රාජපක්ෂලා කවුරුත් ඒකාබද්ධ විපක්ෂයේ නැති බවත් අලුත් පක්ෂයක් ඇති කිරීම ගැන සාකච්ඡාවක් ද තවම එම කණ්ඩායම තුළ ඇති වී නැති බවත් පවසා ඇත. 

සබැඳි පුවත් 

No comments:

Post a Comment

Post Bottom Ad