ජිඑල් -කෙහෙළිය- මනුෂ එජාපයට එන්න අහලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2015

ජිඑල් -කෙහෙළිය- මනුෂ එජාපයට එන්න අහලා !

ජිඑල් පිරිස් හා කෙහෙළිය රඹුක්වැල්ල යන සන්ධාන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා හා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථානයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඉදිරි මහ මැතිවරණයේදී එජාපයෙන් නාමයෝජනා ලබාදෙන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හා මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන් දෙදෙනා ඉල්ලිමක කර ඇති බවටත්, තමාව එජාප ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලෙස ජිඑල් පිරිස් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර ඇති බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

කෙසේවුවද මෙම මන්ත්‍රීවරුන් තිදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් එජාප නායකයා මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙහෙළිය මහින්දගේ වැරදි කියයි

මේ අතර, හිටපු අමාත්‍ය රඹුක්වැල්ල මහතා මහනුවර ප්‍රදේශයේදී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රෙජීමයක් ක්‍රියාත්මක වූ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අතින් සිදුවූ වැරදි රැසක් හේතුවෙන් රාජපක්ෂ පාලනය බිඳ වැටුණු බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එමෙන් ම ඉදිරි මැතිවරණයේදී සිය ඡන්ද පදනම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ද හිටපු අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා මිරර්

No comments:

Post a Comment

Post Bottom Ad