ස්විස්ටර්ලන්තයේ පැවති ෆිෆා කොංග්‍රස් සමාරම්භක උළෙල සඳහා ස්ටෙප් බ්ලැටර්(79) සහභාගී වී තිබුනේ තමාට වඩා අවරුදු 30 කින් බාල වූ සිය බිරිඳ සමගය. මෙහිදී මාධ්‍ය වඩා අවධානය යොමුකොට තිබුනේ ස්ටෙප් ගේ සිව්වැනි විවාහයේ බිරිඳ වූ ලින්ඩා කෙරෙහිය.
ඊයේ(28) දින පැවති සමාරම්භක උළලේදී ,සම්මේලනයේ පරිපාලන කටයුතු ශුද්ධ කරන ලෙසට ලෝක පාපන්දු ක්‍රීඩාවට මිලියන ගණනින් මුදල් යොදවන ඉහළම පෙලේ අනුග්‍රාහකයන් වන කොකාකෝලා, අඩිඩාස්, මැක්ඩොනල්ඩ්ස් හා විසා ඇතුළු ආයතන බොහොමයක් ඉල්ලා තිබේ.
2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා දකුණු අප්‍රිකානු නිළධාරීන් ඩොලර් මිලියන 10ක් අල්ලස් වශයෙන් ගෙවා ඇතැයි අමෙරිකානු පරීක්ෂණ නිළධාරීන් පවසති. මේ අතර, 2018 හා 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් රුසියාව හා කටාර් රාජ්‍යයට ලබා දීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල කොටසක් ලෙසින් ජගත් පාපන්දු සම්මේලනයේ සූරිච් මූලස්ථානය ස්විස් පරීක්ෂකවරුන් විසින් පසුගියදා වටලනු ලැබීය.
No comments:
Post a Comment