දෙබිඩි දරුවන් වෙන් කළ කරාපිටියේ විශ්මිත සැත්කම (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2015

දෙබිඩි දරුවන් වෙන් කළ කරාපිටියේ විශ්මිත සැත්කම (ඡායාරූප)

ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ  පළමු වතාවට ඊයේ (19) සිදු කෙරුණු දෙබිඩි දරුවන් වෙන් කිරිමේ සැත්කම සාර්ථක  බව එම සැත්කමට එක්වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම පවසනවා. 

2015 මාර්තූ මස 11 වැනි දින මෙම දෙබිඩි දරුවන් දෙදෙනා ගාල්ල  මහ මෝදර රෝහලේදි උපත ලැබිය.  ඒ අක්මිමන කූරුදුවත්ත චීන මිත‍්‍රත්ව ගම්මානයේ පදිංචි ආශා දමයන්ති නැමති මවටය. පසුව  මෙම දෙබිඩි දරුවන් දෙදෙනා ශල්‍යකර්මයට භාජනය කරණ තෙක්මද ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රථිකාර ලැබිය. මෙම සැත්කම පුරා පැය හයක් තිස්සේ කරණු ලැබූවකි.

තිවන්කි සහ තිලෝකි නම් මෙම දරු දෙදෙනා වෙන් කිරීමෙන් පසු මින් එක් දරුවෙක් වන තිලෝකි  ජිවත් කිරිමට හැකි  තත්වයේ සිටින බවද රෝහල් ආරංච්  මාර්ග සදහන් කරයි. එක් දරුවකූ  තිවන්කි  ජිවත් කිරිමට නොහැකි තත්වයේ පසුවේ. සැත්කම කිරිමට පෙරම වෛද්‍යවරු ප‍්‍රකාශ කළේ එම දරුවා ජිවත් කිරිමට අපහසු බවය.

දැනට ජිවත්ව සිටින දරුවා මැෂිමක ආදාරයෙන් ආශ්වාස ප‍්‍රශ්වාස කටයුතූ කරන අතර එම දරුවා ජිවත් කළ හැකි බවට වෛද්‍යවරු විස්වාස පල කරයි. මෙම දරුවාගේ  සිරුරේ තිබු අසාමාන්‍ය තත්වයන් සාමාන්‍ය තත්වයට පත්කිරිමට හැකිවු බවද සැත්කමට එක්වු ශල්‍ය වෛද්‍යවරු පෙන්වා දෙනවා. එම දරුවාගේ බඩවැල්වල  අක්මාවේ හා නහරවල හා සුසුම්නාවේ සැත්කම් සාර්ථකව සිදුකර ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.

දෙබිඩි දරුවන් වෙන් කිරිමේ සැත්කම සදහා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන එස් කස්තූරි  රංජුක උබේසිරි සතිස් විජයමාන්න උමාපති පුෂ්පකූමාර යන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හා ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි  නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන කේ. සරිහා කූරේ යන වෛද්‍ය කණ්ඩායම මේ සැත්කම සඳහා සදහා සහභාගී විය.








No comments:

Post a Comment

Post Bottom Ad