පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණු ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් අනතුරුව කාලය වෙන් කෙරෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන අතර සැප්තැම්බර් මාසය වන විට නව ආණ්ඩුවක් බිහිවනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ මෙරට මාධ්‍ය හිමිකරුවන් සහ ප්‍රවෘත්ති ප්‍රධානීන් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මුණ ගැසුණු අවස්ථාවේදියි. මැතිවරණ දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා වන අතර තමා න්‍කෂත්‍රකරුවන්ට අවශ්‍ය පරිදි මැතිවරණ නොපවත්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
ලබන සැප්තැම්බර් මාසයේ දී ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරිම සඳහා දේශිය විමර්ශන යාන්ත්‍රණයක් සකස් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. රටේ ඇතැම් ස්ථානවල එල්.ටී.ටී.ඊ කොඩි ප්‍රදර්ශනය කර තිබු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කර තිබු ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය ප්‍රධානියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටියා.
ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සෑම පැය 24කට වරක්ම බුද්ධි අංශ විසින් තමා දැනුවත් කරන අතර රටේ කිසිඳු ස්ථානයකින් එවැන්නක් වාර්තා වී නොමැති බවයි. එවැනි කොටි කොඩි පෙනෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පමණක් විය හැකි බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් තිබුණු පසුගිය ජනවාරි 09 වැනිදා අළුයම අරලියගහ මන්දිරයේ දී යම් සාකච්ඡාවක් සිදුවීම සම්බන්ධයෙන් වන වාර්තාව රහස් පොලිසිය මගින් කඩිනමින් ලැබෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. එදින ප්‍රතිඵල නිකුත් කෙරෙමින් තිබිය දී හදිසියේ ඇදිරිනිතිය පැනවීමේ සුදානමක් තිබු බවද ජනාධිපතිවරයා පැවසුවා.
එම අවස්ථාවේ අරලියගහ මන්දිරය තුළ කිසියම් කුමන්ත්‍රණයක් සිදුවුයේ දැයි මාධ්‍ය ප්‍රධානියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කුමන්ත්‍රණයක් යන වචනය තමා ඊට භාවිත නොකලත් යම් සාකච්ඡාවක් ඔස්සේ කිසියම් තීන්දුවක් ගැනීමේ සුදානමක් එහි තිබු බවයි.
විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය කඩිනමින් රට හමුවේ ඉදිරිපත් කෙරෙන අතර ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳවන පොරොන්දුව ද ඉටුකරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. මාධ්‍ය ප්‍රධානියෙකු නැගු තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නාම යෝජනා මණ්ඩල සහ සම්මුඛ පරික්‍ෂණ ඔස්සේ අවශ්‍ය කටයුතු යොදමින් ඉදිරි මැතිවරණය සඳහා මේ වන විට සුදානම් වෙමින් සිටින බවයි.
Wednesday, May 20, 2015
මහමැතිවරණය පිළිබඳ ජනපතිගෙන් ඉඟියක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment