නිස්තා, කංචන හිරුට යාම ස්ථිර නෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2015

නිස්තා, කංචන හිරුට යාම ස්ථිර නෑ !

ඒ.බී.සී. මාධ්‍ය ඡාලය විසින් නුදුරේදී ආරම්භ කිරීමට සැරසෙන පුවත් පත් හතරේ දිනපතා හා ඉරිදා සිංහල පුවත්පත්වල කර්තෘවරයා ලෙස තමා එක්වීමට යන බවට පැතිර ඇති පුවතේ සත්‍යක් නොවන බව “අද” දිනපතා පුවත්පතේ කර්තෘ කාංචන දසනායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මිරර් කළ විමසීමදීය. අලුත් පුවත්පතක් ආරම්භයේදී පවතින පුවත්පත්වල කර්තෘවරුන්ට ආරාධනා ලැබීම සාමාන්‍ය දෙයක් බවත්, එහෙත් තමා හිරු පුවත්පත් හා සම්බන්ධවීමට තවමත් අදහසක් නැතැයිද ඔහු කීය.

මේ අතර, ඒ.බී.සී. හි දිනපතා හා ඉරිදා ඉංග්‍රීසි පුවත්පත්වල කර්තෘවරයා ලෙස ඩේලි එෆ්.ටී. (Daily FT) පුවත් පතේ කර්තෘ නිස්තාර් කාසිම් (Nisthar Cassim ) එක්වන්ට යන බවට පැතිර යන රාවයද ඒ මහතා ප්‍රතික්ෂේප කළේය. වෙබ් අඩවිවල එවැනි පුවතක් ඇතත් තමා එවැන්නකට සූදානමක් නැතැයි ඔහු කියා සිටියේය.

සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ (මවුබිම හා සිලෝන් ටුඩේ) වෙළෙද කළමනාකරු සාරංග විජේරත්න ද ඒ.බී.සී. පුවත්පත්වලට සම්බන්ධවන බවට වන රාවය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඔහු දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

No comments:

Post a Comment

Post Bottom Ad