ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුකූල වෙළඳපොළ අර්බුදයක් රුසියාව තුළ වර්ධනය වෙමින් ඇතැයි රුසියාව පදනම් කරගත් දේශපාලන විශ්ලේෂකයකු වන අයර්ලන්ත ජාතික බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසා තිබේ.
ඔහු අනතුරු හගවා ඇත්තේ එය රුසියාවට පමණක් සීමාවී අවසන් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු බවයි.
පසුගියදා එක් දිනක් තුළ රුසියානු රූබලය 20%කින් කඩා වැටුණු අතර ඉන් පවා ඩොලර් හෝ යුරෝ මිලදී ගැනීමට උත්සුක වීමක් රුසියානු ජන සමාජය තුළ දක්නට ලැබුණේ ඉඳහිට පමණක් බව මැක්ඩොනල්ඞ්ගේ අදහසයි.
රුසියානු වෙළඳපොළ තුළ අර්බුදය මෙතෙක් ප‍්‍රකාශමාන වීම අඩු මට්ටමක තිබීමත් පසුගිය 25 වසර තුළ ආර්ථික අවපාත 3කට මුහුණදී රුසියානු ජනතාව එවැනි තත්වයන්ට පුරුදු බවක් දැක්වීමත් එයට හේතූන් බව ඔහු දක්වා ඇත.
ඔහු පවසා ඇත්තේ ඇතැම් ආර්ථික විශේෂඥයන් රූබලයේ කඩා වැටීමට විවිධ හේතු ඉදිරිපත් කළත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාම එයට ප‍්‍රධාන හේතුව බවයි.
රුසියානු තෙල් අපනයනයෙන් ලැබෙන ඩොලර් ප‍්‍රමාණය අඩුවීම සමග සංචිත තුළ ඇති ඩොලර් ආරක්‍ෂා කරගැනීමට පොළී අනුපාතිකයන් වැඩිකිරීමට රුසියානු මහ බැංකුව විසින් පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් වැඩිදුරටත් සම්බාධක පැණවෙන තත්වයක් මත මෙය දරා සිටිය නොහැකි වීමේ අවදානමකට රුසියාව මුහුණදී ඇති අතර එමගින් රුසියාව ඉතාමත් බලපෑම් සහගත ස්ථානයක් දරා සිටින යුරෝපා සංගමයේ ආර්ථිකය ප‍්‍රබල ප‍්‍රහාරයකට ලක්වනු ඇතැයි බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසා ඇත.
Wednesday, December 24, 2014
රූබලයේ ඇද වැටීම ලෝකයටම බලපාවි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment