සපුගස්කන්ද නවීකරණය කියා ආණ්ඩුව කෝටි ගාණක් කොල්ලකන්න හදනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 19, 2014

සපුගස්කන්ද නවීකරණය කියා ආණ්ඩුව කෝටි ගාණක් කොල්ලකන්න හදනවා

ඇමෙරිකාවේ  බෙන්ටෙක් සමාගම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණ කටයුතු අඩු මිලකට සිදු කිරීමට එකගවී සිටියදී චීනයේ පෞද්ගලික සමාගමකට වැඩි මුදලකට දෙමින් ආණ්ඩුවට තව රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලයකට අර අදින බව එජාප මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඇමෙරිකාවේ බෙන්ටෙක් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ තෙල් පිරිපහදුවේ නවීකරණ  කටයුතු සදහා ඉල්ලා ඇති නමුත් චීන සමාගම ඒ සදහා ඩොලර් මිලියන 2.2 ඉල්ලා ඇතැයි පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා ලොව පිළිගත් බෙන්ටෙක් සමාගමට අඩු මුදලට නවීකරණ කටයුතු නොදී  චීනයේ පෞද්ගලික සමාගමකට වැඩි මුදලකට ඒ  කටයුත්ත දීමට ආණ්ඩුවට  එම සමාගම ගැන ඇති කැක්කුම කුමක්දැයි ද ප‍්‍රශ්න කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad