ජගත් බෙනරගම, ෆොන්සේකාගේ සංවිධායකකම අතහරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 19, 2014

ජගත් බෙනරගම, ෆොන්සේකාගේ සංවිධායකකම අතහරී

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

‘මගේ රංගන කටයුතු නිසා මට දේශපාලන වැඩකටයුතු වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න බැහැ. ආසන සංවිධායකකම කියන්නේ ලොකු වගකීමක් තිබෙන තනතුරක්.

මගේ රංගන වැඩ සමග ඒ වගකීම දරන්න අමාරුයි. ඉදිරියට එන්නේ ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා, ඉතින් කලා කටයුතු සමග ඒ දේවල් කරන්න කාලය හොයාගන්න අමාරු නිසා මම නායකතුමාට සැබෑ තත්ත්වය කියලා ආසන සංවිධායකකමින් ඉවත් වුණා. 

නමුත් පක්ෂයට දිගටම සහයෝගය දෙනවා පක්ෂය තුළ රැදී සිටිමින්. මට පක්ෂය එපා වෙලා නැහැ. පක්ෂය සමග කිසිදු ගැටුමකුත් නැහැ’ යයිද ඒ මහතා සිය ඉල්ලා අස්වීම ගැන අදහස් පල කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad