පසුගිය කාලය පුරාම ඇතැම් දේශපාලඥයන් සිදුකළේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගැනීම යයි මධ්‍යම පළාත් ක්‍රීඩා,යෞවන කටයුතු,වනිතා කටයුතු,ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාව තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ මාතලේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. ජනාධිපතිවරයා සලකන්නේ තමන්ට පමණක් බව පවසමින් අහිංසක මිනිසුන් ඉදිරිපිට ඇතැම් ඇමතිවරුන් ජනාධිපතිවරයා සිල්ලරට විකුණා ඇතැයිද ඒ මහතා කීය.
ඔහු එහිදී මෙසේද කීය.
‘ජනාධිපතිවරයා කියන්නේ මේ රට එක්සේසත් කරපු නායකයා. මේ නායකයා ආරක්ෂා කර ගැනීම අපි කාගේත් වගකීමක්. ඉදිරියේදී අපි විශ්වාස කරනවා ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.
සමහරු හිතාගෙන ඉන්නවා දේශපාලනය සල්ලි තිබූ පමණින් කරන්න පුළුවන් කියලා.සල්ලි වලට හැමකෙනෙක්ම යටත් වෙයි කියලා හිතනවා. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.
මේ රටේ මෙතරම් සාමාජ පරිහානියක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව වුණේ ඔන්න ඔය කාරණාවයි. බල්ලෝ මරලා සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා මතවාදයක් අද සමාජගත වෙලා තියෙනවා’
Sunday, October 19, 2014
ඇමතිවරුන් ජනාධිපතිවරයා සිල්ලරට විකුණලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment