ඇමරිකානු සමාගම් හා රාජ්‍ය ආයතන වලින් වටිනා දත්ත සොරාගැනීම සඳහා චීන රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති සයිබර් ප‍්‍රහාරක මෙහෙයුමක් පිළිබඳව ඇමරිකානු ෆෙඩරල් බුද්ධි කාර්යාංශය විසින් අනතුරු හගවා ඇතැයි වාර්තා වේ.
FBI විසින් නිකුත් කර ඇති වාර්තාවක අති දක්‍ෂ චීන සයිබර් කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් භාවිතා කරන උපාංග සහ තාක්‍ෂණයන් පිළිබඳ අනාවරණය කර තිබේ.
එම වාර්තාව තුළින් දැනුම්දී ඇත්තේ තම ආයතනය සයිබර් ප‍්‍රහාරයකට ඉලක්කවූ බව සිතන්නේ නම් දැනුම් දෙන ලෙසයි. චීන රජයේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වන ඒකකයක් විසින් සිදුකළ අනවසර ඇතුළුවීම් ප‍්‍රමාණයක් පසුගියදා නිරීක්‍ෂණය කළ බව ප‍්‍රකාශක ජොෂ් කැම්බල් පවසා තිබේ.
පුද්ගලික අංශයේ ආරක්‍ෂක ආයතන විසින්ද මේ බව නිරීක්‍ෂණය කර ඇති අතර ඔවුන්ද ඒ පිළිබඳ වාර්තා කර ඇති බව ඔහු හෙළි කර ඇත.
කැම්බල් පවසන්නේ අදාළ චීන හැකරුන් කණ්ඩායම ඉතා රහසිගත ලෙස හා වේගවත් ලෙස ක‍්‍රියාත්මක වන සුපිරි ඒකකයක් බවයි.
ඔවුන්ගේ දක්‍ෂතා සුප‍්‍රසිද්ධ 61398 චීන සයිබර් ප‍්‍රහාරක කණ්ඩායමේ හැකියාවන් ඉක්මවා යන බවද ඔහු පවසා තිබේ. වොෂින්ටනය විසින් ඇමරිකාව ඉලක්ක කරගත් සයිබර් ප‍්‍රහාර පිළිබඳව සෘජුවම චීනයට චෝදනා කර ඇති අතර පසුගිය මැයි මසදී චීන හමුදා සෙබළුන් 5කට එරෙහිව නීති ක‍්‍රියාමාර්ගද ගනු ලැබිණි.
මේ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන චීනය පවසන්නේ තමන් වෙත සයිබර් ප‍්‍රහාර එල්ල කරන්නේ ඇමරිකාව බවයි.
Sunday, October 19, 2014
වටිනා ඇමරිකානු දත්ත සොරාගැනීමේ චීන තැතක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment