සිය නිවෙස් වලින් පලා ගොස් සිරියානු ජිහාඩයේ පෝස්ටර් නිරූපිකාවන් බවට පත්වූ ඔස්ටි‍්‍රයානු තරුණියන් දෙදෙනෙකු යළි නිවෙස් බලා ඒමට අවශ්‍ය බව පවසා ඇතැයි වාර්තා වේ.
ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර ජීවත්වූ 17 හැවිරිදි සම්රා කෙසිනොවිච් සහ 15 හැවිරිදි සබිනා සෙලිමොවිච් පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිය නිවෙස් හැර ගිය අතර ඔවුන් පිළිබඳ නොසොයන ලෙසත් අල්ලා දෙවියන් වෙනුවෙන් සේවය කිරීම හා ඔහු වෙනුවෙන් මියයාම තෝරාගත් බවත් දෙමාපියන් වෙත ලියූ සටහනක දක්වා තිබිණි.
තරුණියන් දෙදෙනා තම නව දිවි පැවැත්ම පිළිබඳව පාසල් මිතුරියන්ට උපදෙස් දී තිබූ බවද හෙළිවිය. සම්රා හා සබිනා සිරියාවට පලාගිය පසු එහි සටන් වදිමින් සිටින චෙච්නියානු සටන්කාමීන්ට විවාහ කරදී ඇති බවත් ඔවුන් මේ වන විට දරුවන් පිළිසිඳගෙන ඇති බවත් පැවසේ.
ඔස්ටි‍්‍රයානු පොලිසිය පවසන්නේ ඔවුන්ගේ සමාජ ජාල ගිණුම් ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් තවත් තරුණියන් ආකර්ෂණය කිරීමේ අරමුණ සඳහා යොදාගන්නට ඇති බවයි.
කෙසේවෙතත් ආරක්‍ෂක සේවා අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මෙම තරුණියන් දෙදෙනාට සිරියාවේ ජීවිතය එපාවී ඇති අතර සිය දෙමාපියන් සමග සන්නිවේදන සබඳතා ඇතිකරගැනීමට කෙසේ හෝ සමත්ව ඇත.
කෙසේවෙතත් ඔස්ටි‍්‍රයානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක කාල් හෙයින්ස් ග‍්‍රන්ඞ්බොඑක් පවසා ඇත්තේ දැන් එම තීරණය ගැනීමට ප‍්‍රමාද වැඩි විය හැකි බවයි.
Monday, October 20, 2014

ඉස්ලාමික රාජ්‍යයට එක්වූ ඔස්ටි‍්‍රයානු තරුණියන් දෙදෙනෙකුට ආයෙත් එන්න ඕනෑලූ
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment