ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත රටවල රුස්වීමේදී තමන් පුටින්ගේ පපුවට පපුවෙන් පහර දෙන බව ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් විසින් පවසා ඇතැයි වාර්තා වේ.
යුක්රේනයේදී අනතුරට පත්වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ සිටි ඕස්ටේ‍්‍රලියානුවන් ඝාතනය කළේ රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් බව තමන් පුටින්ගේ පපුවට පපුව එල්ල කර පවසන බව ඔහු මාධ්‍ය ඉදිරියේ පවසා ඇත.
පපුවට පපුවෙන් පහරදීම පාපන්දු ක‍්‍රීඩාවේ එන නීතිවිරෝධී ලෙස සැලකෙන දඬුවම් ලැබිය හැකි හැසිරීමකි. කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දැක්වූ ඕස්ටේ‍්‍රලියාවේ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන නිලධාරී ඇලෙක්සැන්ඩර් ඔඩොව්ස්කි පවසා ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයාගේ ප‍්‍රකාශය නොමේරූ කථාවක් බවයි.
සටනක් ඇතිනොවෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන අතරම ටෝනි ඇබට් කෙතරම් ශක්තිවන්තයෙකු වුවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෘත්තීයමය මට්ටමේ ජුඩෝ ක‍්‍රීඩකයකු හෙයින් ඔහු ප‍්‍රවේශම් විය යුතු බව ඔහු පවසා තිබේ.
පසුව මාධ්‍යවේදීන් විසින් පපුවෙන් පහරදීම පිළිබඳ අදහස් විමසීමේදී ඇබට් සිය පෙර ප‍්‍රකාශයේ සැර බාල කර ඇතැයි වාර්තා වේ.
රුසියාව විසින් සිදුකළ ගුවන් යානය පහරදී බිම හෙළීමෙන් මියගිය ඕස්ටේ‍්‍රලියානුවන් ඇතුළු සියලූ දෙනා වෙනුවෙන් කථා කිරීම පුටින් සමග ගැටුම්කාරී කථාබහක් වනු ඇති බව ටෝනි ඇබට් පවසා තිබේ.
Wednesday, October 15, 2014
ඇබට් ප‍්‍රවේශම්වනු – පුටින් ජුඩෝ ක‍්‍රිඩකයෙක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment