ක්ෂය රෝගය හඳුනා ගැනීමට සහ බිම් බෝම්බ තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා මීයන් පුහුණු කිරීමේ වැඩ සටහනක් ටැන්සානියාවේ ක්‍රියාත්මක කරලා තියනවා.
හොර ගති ඇති මීයා රෝග බෝකරන්නකු ලෙස ප්‍රකටයි. මේ සඳහා මීයන් යොදා ගැනීමෙන් මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකියාව ඇතැයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ටැන්සානියාවේ ඇපෝ සංවිධානයේ ප්‍රධාන් බාර්ට් විට්ජෙන්ස් කියනවා.
විට්ජෙන්ස් පවසන්නේ තමන් විසින් පුහුණු කර ඇති මීයන්ට පැයකට වර්ග අඩි 200 ක් පරික්ෂා කරන්න පුළුවන් කියලා. මෙම ප්‍රමාණය අතින් පරික්ෂා කිරීමට පැය 50 ක් ගතවෙනවාලු .
ක්ෂයරෝගය අනාවරණය කිරීමේ පරික්ෂා කිරීමට පුහුණු කර ඇති මීයන්ට මිනිත්තු 8 කදී සාම්පල 50 ක් පරික්ෂාකරනන පුළුවන්ලු. මෙම ප්‍රමාණය රසායනාගාර කාර්මිකයෙකුට පරික්ෂා කිරීමට දවසක් පමණ ගතවෙනවා.
මෙලෙස මීයන් පුහුණු කිරීමේ දී මීයන් පැටවුන් කාලයේදී මිනිසුන් සමග ගැවසීමට ඉඩසලසනවාලු. පසුව මෙම මීයන්ට රටකජු හෝ කෙසෙල් දීමෙන් තෘප්තිමත් කරනවා. ඊට පසු පුපුරණ ද්‍රව්‍ය හෝ ක්ෂය රෝග සාම්පල ඉවකර හඳුනා ගැනීමට සලස්වනවාලු.
ක්ෂය රෝගය හඳුනා ගැනීම පුහුනු කරණු ලබන්නේ මීයන් රසායනාගාර තුල තබාගනිමිනි. ඒ පුහුණුව මාස හයක්. බිම් බෝම්බ සොයා ගැනීමට පුහුණු කරණු ලබන මීයන් පළමුව වැලි පිරවු පෙට්ටියක් අතරට යවනවාලු. මෙහි ටී එන් ටී වැනි පුපුරණ ද්‍රව්‍ය ඉවකිරීමට යොමු කරනවා. මේ කටයුත්ත සඳහා මීයන් මාස නමයක් පුහුණු කරනවාලු.
ඇති තරම් මීයන් සිටින බැවින් මේ කාර්යයට මීයන් යොදා ගැනීම ඉතා ලාබදායි බවයි ඔහුන් පවසන්නේ. බල්ලන් මේ සඳහා පුහුණු කිරීමට ඊට වඩා තුන්ගුණයක් වැය කිරීමට සිදුවන බව ද ඇපෝ සංවිධානය කියයි. මීයන් ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු බැවින් අවශ්‍ය තැනට ප්‍රවාහනය පහසු බව ද එම සංවිධානය පෙන්වාදෙයි.
Thursday, October 2, 2014
"බිම් බෝම්බ තිබෙන ස්ථාන හඳුනා ගැනීමට මීයන් පුහුණු කෙරේ"
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment