පසුගියදා පැවුත් වූ ඌව පළාත් සභාවේ මංගල සැසි වාරය නීති විරෝධී බවත් එම රැස්වීම යළිත් පවත්වා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු නැවත පත් කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා ඌව පළාත් සභා එ.ජා.ප. මන්ත‍්‍රී ර.මු. රත්නායක මහතා ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 154 ඊ 1 වගන්තිය අනුව මංගල රැස්වීම පැවැත්වීමට ප‍්‍රථම අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී නැති නම් ඒ රැස්වීම නීත්‍යානුකූල නොවන බව රත්නායක මහතා ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියෙන් පවසා ඇත.
ඒ අනුව නැවතත් ප‍්‍රථම රුස්වීම පවත්වා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු නැවතත් පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසන්නැයි ද එ.ජා.ප. මන්ත‍්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Thursday, October 16, 2014
ඌව පළාත් සභාවේ මංගල සැසිය නීති විරෝධීයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment