ටක්ෆිරි සටන්කාමීන් යොදවන්නේ මුස්ලිම්වරුන් බෙදා වෙන් කිරීමටයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 16, 2014

ටක්ෆිරි සටන්කාමීන් යොදවන්නේ මුස්ලිම්වරුන් බෙදා වෙන් කිරීමටයි

බටහිර ආසියානු කලාපයේ ටක්ෆිරි සටන්කාමී කණ්ඩායම් නිර්මාණය කිරීම පසුපස ඇත්තේ මුස්ලිම්වරුන් බෙදා වෙන් කිරීමේ අවශ්‍යතාවය බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සයිඞ් අල් කාමේනි පවසා තිබේ.  හජ් වන්දනා සමය ඇරඹීම නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයක ඔහු මේ බව පවසා ඇත.

හජ් යනු එක්සත්බවේ සහ සහෝදරත්වයේ, සහයෝගිතාවයේ විiමාන වීමක් බව පවසා ඇති කාමේනි සඳහන් කර ඇත්තේ සැමගේ සමානකම් සහ වෙනස්කම් තේරුම්ගැනීම සහ ඉවසීම ප‍්‍රගුණ කළ යුතු බවයි.

මුස්ලිම්වරුන් අතරේ සිවිල් යුද්ධයන් ඇතිකෙරෙන්නේ සියොන්වාදී සතුරන්ගේ අභිලාෂයන් මත බවද ඔහු පවසා තිබේ. ටක්ෆිරි සටන්කාමීන් නිර්මාණය කෙරෙන්නේද මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස බවත් මුස්ලිම්වරුන් අතර එක්සත්බව ප‍්‍රධාන අරමුණ කරගැනීම ජාතික සහ ජාත්‍යන්තර වගකීමක් බවට පත්ව ඇති බවත් අයතුල්ලා කාමේනිගේ අදහසයි.

දින 50ක් පුරා ඊශ‍්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයන් මගින් සියොන්වාදීන්ගේ කෲරත්වයට සීමාවක් නොමැති බව පැහැදිලි වන බවද ඔහු පවසා තිබේ.

පලස්තීන ජනතාව අමතමින් කාමේනි අවධාරණය කර ඇත්තේ එවැනි ප‍්‍රබල ප‍්‍රහාරයක් තුළ පවා යටත් නොවන බවට පලස්තීනුවන් ශක්තිමත් පණිවුඩයක් ලබාදුන් බවයි. එහෙයින් ඒ ශක්තියද සමග ජිහාඩය හා හමාස් සංවිධානය බටහිර ඉවුරේ සටනට පණ පෙවිය යුතු බවද කාමේනි පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad