මිනිස් අපරිණත ප‍්‍රාථමික ෙසෙල ඉන්සියුලින් නිපදවිය හැකි ෙසෙල බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රමයක් හාවඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඉන්සියුලින් වෑස්සෙන බීටා ෙසෙල සාමාන්‍යයෙන් අග්න්‍යාශය තුළ පිහිටා ඇති අතර නව ක‍්‍රමවේදය මගින් නිශ්චිත ජාන නිශ්චික පිළිවෙළකට උත්තේජනය කිරීම මගින් බීටා ෙසෙලයේ සිදුවන යාන්ත‍්‍රණය ප‍්‍රාථමික ෙසෙලය තුළද ආරම්භ කරනු ලැබේ.
විද්‍යාඥයින් පවසන්නේ වෙනස් කරන ලද චර්ම ෙසෙල පවා මේ ආකාරයට පරිවර්තනය කළ හැකි බවයි. වසර 15ක් පුරා සිදුකළ පර්යේෂණයක් මගින් මෙම ප‍්‍රතිඵලය අත්කරගෙන ඇති අතර රුධිරයේ සීනි මට්ටම පාලනය කළ හැකි ෙසෙල මිලියන ගණනක් බිහිකිරීමේ හැකියාව දැන් හාවඞ් පර්යේෂකයන් වෙත හිමිවී ඇත.
ඇමරිකාවේ මිලියන 29.1ක් ජනතාව දියවැඩියාවෙන් පීඩා විඳින අතර එය සමස්ත ජනගහනයෙන් 9.3%කි. මෙතෙක් කල් දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත් කිරීමට සිදුවූ අතර එය සිදුකිරීමට නිරන්තර වෛද්‍ය පරීක්‍ෂණ සිදුකළ යුතු විය.
දියවැඩියා තත්වය උත්සන්න වුවහොත් අන්ධ බව, ස්නායු හානි හෝ අත් පා අහිමි වීම සිදුවූ නමුත් නව ක‍්‍රමය මගින් රුධිරයේ සීනි සංයුතිය තුලනය කරන ෙසෙල සිරුර තුළ සිටම ක‍්‍රියාත්මක වනු ලබයි. මීයන් යොදා සිදුකළ පර්යේෂණය අතිශය සාර්ථක වූ පසු දැන් එය ක්‍ෂීරපායීන් කෙරෙහි අත්හදා බැලීමට නියමිත බව පැවසේ.
Thursday, October 16, 2014
දියවැඩියාවට පිළිතුරක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment