ඌවට තරඟ කරද්දී මගෙ අතේ තිබුණෙ රුපියල් 19,000යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 25, 2014

ඌවට තරඟ කරද්දී මගෙ අතේ තිබුණෙ රුපියල් 19,000යි..

http://ift.tt/eA8V8J

ඌව මැතිවරණය සඳහා තරඟ කරන්නට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී එද්දී තමන් අතේ තිබුණේ රුපියල් දහනව දහසක මුදලක් පමණක් යයි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කොළඹදී පැවති මධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කලේය.

‘මේ කතාව කිව්වොත් ඔයගොල්ලො ජීවිතේටවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද මිනිස්සු හිතන්නේ මට හොඳට සල්ලි තියෙනවා කියලා. මට සල්ලි තියෙන්නේ මගේ පියා හොඳ ව්‍යාපාරිකයෙක් නිසා. නමුත් මගේ පියා මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්, මම ඉස්කෝල් යද්දී මට දුන්නේ රුපියල් 50යි. මාව ඇරියේ බස් එකේ. ගෙදර වාහන 6ක් තියලා මම ඉස්කෝලේ ගියේ, රගර් ගැහුවේ, ප‍්‍රැක්ටිස් ගියේ, රෑ කියට වුණත් ගෙදර එන්නේ බස් එකේ. මාව අපේ ගෙදරින් හැදුවේ අමුතුම විදිහකට. ඒක දන්නේ මාව හොඳටම දන්න අය. මම දේශපාලනයට ආවේ අවුරුදු 26දී. දේශපාලනයට එද්දී මම ව්‍යාපාරයක් කරලා තිබුණේ නැහැ. රක්ෂාවක් විතරයි කරලා තිබුණේ. මට සල්ලි තිබුණේ නැහැ අතේ. මේ ඡන්දයට මට පියා ශත පහක්වත් දුන්නේ නැහැ කියලා ඒකයි කිව්වේ.

ඒ වේලාවේ මම පාර්ලිමේන්තුවෙන් එලියට එද්දී එදා මගේ ආරක්ෂක නිලධාරියාගේ අතේ මගේ මුදල් පසුම්බිය තිබුණේ, රුපියල් 19000යි තිබුණේ. මං මේ බොරුවක් නෙවෙයි කියන්නේ.රුපියල් 19000යි තිබුණේ. මම රුපියල් මිලියන 60ක විතර ප‍්‍රචාරණයක් කළා. ඒ කැම්පේන් එකේදී මම මුදල් බෙදලා, එක අරක්කු බෝතලයක්, එක බත් පැකට් එකක් බෙදලයි කියලා ඔප්පු කලොත් මම මේ විපක්ෂ නායකකමෙන් ඉල්ලා අස්වෙනවා’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad