බදුල්ල ඇල්ල නගරයේ බල්ලාකැටුව මාර්ගයේදී 27 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් පෙරේදා (13දා) රාත්‍රී 8.00ට පමණ අත්ඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
මෙම ජර්මන් ජාතික තරුණිය තවත් විදේශීය තරුණයකු සමග ඇල්ල නගරයේ බල්ලාකැටුව මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි සිවිල් ඇඳූමින් සැරසුණු මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම තරුණිය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවා ගැනීමට තැත් කර ඇති අතර එම අවස්ථාවේ මෙම තරුණිය කෑ ගැසීම නිසා ඔවුන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
කර ඇති අතර එම අවස්ථාවේ මෙම තරුණිය කෑ ගැසීම නිසා ඔවුන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙම විදේශීය යුවළ විසින් ඇල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිසිය සමත්විය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පො.කො. (40922) ගයාන් ප්‍රදීප් (29) සහ සියඹලාණ්ඩුව පොලිසියට අනුයුක්තව සේවය කරන පො.කො. (40939) සිසිර කුමාර (29) යන කොස්තාපල්වරුන්ය.
මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ඇල්ල පොලිස් වසමේ හල්පේ සහ ගවරවෙල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, බණ්ඩාරවෙල පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන, බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 11 ඩබ්ලිව්.එම්.ෙ–.බි. විෙ–රත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Sunday, March 16, 2014
ජර්මන් තරුණියට බදුලු පොලිසියෙන් අතවර
Tags
# featured
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
featured,
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment