බොරැල්ල OIC ගසකට යටවී මියයාම ජිනීවා කුමන්ත‍්‍රණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 17, 2014

බොරැල්ල OIC ගසකට යටවී මියයාම ජිනීවා කුමන්ත‍්‍රණයක්

හංවැල්ල තුන්තාන ප‍්‍රදේශයේදී ඊයේ දිනයේ විරෝධතාකරුවන් විසින් කපා හෙළන ලද ගසකට යටවීමෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මිය යාමේ සිද්ධිය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.

ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙන අවස්ථාවක මෙවැනි සිදුවීම් ඇතිකර රජයත් ජනතාවත් රටත් අපහසුතාවයට පත් කරලීමට විවිධ කොටස් ක්‍රියා කරනවාග ජනතාව මෙවැනි උසිගැන්වීම්වලට නොරැවටිය යුතු බද පවසන ඔහු සිද්ධිය සම්බන්ධයෙන් විශේස පොලිස් පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක වන බවද සඳහන් කරයි.

මේ අතර මරණයට පත් ප්‍රසාද් සිරිවර්ධන මහතා  පොලිස්පතිවරයා නිර්දේශ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad