සාරංග උමාලි විවාහයට තව සති දෙකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2014

සාරංග උමාලි විවාහයට තව සති දෙකයි

ටෙලි නාට්‍ය නළු සාරංග දිසාසේකර හා නිළි උමාලි තිලකරත්න අතර ප්‍රසිද්ධ රහසක් බවට පත්ව පැවති පෙම් සබඳතාව මල්ඵල ගන්වමින් තව සති දෙකකින් පමණ පසු ලබන මාර්තු මස 14 වනදා ඔවුන් විවාහ වන්නට නියමිතය.

පසුගිය කාලයේ උමාලි ජපානයේ පාඨමාලාවක් හදාරමින් සිටි අතර විවාහය සඳහා දැන් ඇය ලංකාවට පැමිණ සිටිනවා.  

සාරංගත් උමාලිත් අතර පෙම් සබඳතාව පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූයේ මින් වසර ගණනාවකට පෙරය. තමන්ගේ රහස එළිවුණ බව දැනගත් ඔවුන් පසුව තමන්ට කිසිම සබඳතාවක් නැති බව කියමින් මාධ්‍ය මගහැරියා.

ලබන 14 වනදා කලාකරුවන් රැසක් සමග එක්ව පවත්වන විවාහ උත්සවය ආසන්නයේ සාරංග හා උමාලි එක්ව රගන මියුසික් වීඩියෝවක් නිකුත් කරන්නටද නියමිත බව ආරංචි වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad