සංගීතේ ඉවරවී වාහනයට යද්දී ගායක අසංක ප්‍රියමන්තට පහරදීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2014

සංගීතේ ඉවරවී වාහනයට යද්දී ගායක අසංක ප්‍රියමන්තට පහරදීලා

ජනප්‍රිය ගායක අසංක ප්‍රියමන්ත පීරිස් පසුගියදා ගනේමුල්ලේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී වාහනට යමින් සිටි අවස්ථාවේ ඔහු වෙත පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ඔහු පැමිණි මග අවහිර කර ඔහුට පහර පිට පහර දෙන්නට පටන් ගත්තා. 

තමන් කිසි වරදක් නොකර මෙසේ පහර දෙන්නේ ඇයිදැයි ඔහුට සිතාගන්නටවත් බැරිවුණා. 

සංගීත ප්‍රසංගයට බීමතින් ආ පුද්ගලයින් මේ ආකාරයට ඔවුනගේ ප්‍රශ්නයකට අසංකව මැදිකරගැනීම ගැන ඔහුට ඇතිවූයේ කණගාටුවකි.

සිද්ධියෙන් තුවාල ලද අසංක ප්‍රතිකාර ලබාගත් අතර මේ ගැන පසුව පොලිසියටත් දැන්වුවා. පොලිසිය සැකකරුවන් පහුසවෙන් අල්ලාගත්තා.

ගායක අසංක ප්‍රියමන්තට පහර දුන් බව කියන තිදෙනා රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ඊයේ නියම කළා.

එලෙස ඇප නියම වූයේ හර්ෂ සංජීව, එම් ඒ ඩී ප්‍රසන්න කුමාර සහ ධනුෂ්ක චතුරංග යන ගනේමුල්ලේ පදිංචිකරුවන්ය. නඩු විභාගය තවදුරටත් පැවැත්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad