සේමිණී දමිතාට 500 යි දමිතා සේමිණිට 1000 යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2014

සේමිණී දමිතාට 500 යි දමිතා සේමිණිට 1000 යි

වෙබ් අඩවියක පළවූ තොරතුරක් ගැන ගුවන් විදුලියෙන් ප්‍රශ්න කළ අවස්ථාවක තමන් මුදලට එහේ මෙහේ යන බවට රන් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ තම කීර්තිනාමයට හානිවන ප්‍රකාශයක් කළ බවට දමිතාට චෝදනාවක් නගමින් නඩු පවරා ඇති සේමිණි එසේ නඩු පවරා ඇත්තේ අසත්‍යයක් පදනම් කරගෙන බැවින් එවැනි  නඩුවක් දමා ඇති බවට ප්‍රචාරය කිරීම මගින් සම්මානනීය නිළියක් වූ තමන්ගේ කීර්ති නාමයට හානියක් වූ බව කියමින් දමිතා හරස් ඉල්ලීමක් ලෙස සේමිණීට තවත් නඩුවක් පවරා තිබෙනවා.

ඇගෙන් රුපියල් මිලියන දහසක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා දමිතා අබේරත්න කොළඹ දිසාධිකරණය හමුවේ ඊයේ ඉල්ලීමක් ඉදිරිපත් කළා.

රුපියල් මිලියන 500 වන්දි මුදලක්  සේමිණීගේ නඩුවට ඉල්ලා තිබුණ අතර එම නඩුව කැඳවූ අවස්ථාවේ දමිතා තමන්ට මිලියන 1000 ක් ඕනෑ කියා අලුත් නඩුවක් ගොනු කර තිබෙනවා. දමිතා කියන්නේ තමන් මාධ්‍යයෙන් සේමිණීට අපහාස නොකළ බවකි.

සේමිණීගේ නඩුවට හරස් ඉල්ලීමක් ලෙස දමිතාගේ ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව කියැවෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad