ෆොන්සේකාගෙ මීඩියා සෙකට්‍රි අස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2014

ෆොන්සේකාගෙ මීඩියා සෙකට්‍රි අස්වේ

තමන් තම තනතුරින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ මහතා පවසයි. 

පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පළාත් සභා මැතිවරණයෙන් ඉවත්වීමට සැලසුම් කරන බවට ඔහු චෝදනා කරයි.

සමරසිංහ මහතා කියන්නේ සරත් ෆොන්සේකා මහතා පක්ෂය තුළ ආඥාදායකයෙකු ලෙස කටයුතු කරන බවය. ෆොන්සේකා මහතා මීළග ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට සිහින දකින බව සමරසිංහ මහතා පවසයි. 

එසේම ඔහු පවසන්නේ තමන්ගේ දේශපාලන සතුරන් සියලූ දෙනා විනාශ කිරීමේ දේශපාලන ආකල්පයක් ඔහුට ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad