බාප්පාට දාව ලැබුණ දුවගේ දරුවා විකුණලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2014

බාප්පාට දාව ලැබුණ දුවගේ දරුවා විකුණලා

බාප්පාගේ අතවරයට පත් දියණියකට ලද දරුවා බාප්පා විසින්ම රුපියල් අසූ දහසකට විකිණීමේ සිද්ධියක් අනාවරණය කරගත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මාස අටකට පමණ ඉහතදී එසේ විකුණන ලදයි කියන දරුවා මාතලේ ප්‍රදේශයේ නිවෙසක සිටියදී පොලිස් බාරයට ගනු ලැබීය.

කලුතර දිස්ත්‍රික්කයේ ගම්මානයක (වැලිපැන්න) පදිංචිව සිටි කාන්තාවක පළමු විවාහයේ දියණියක සමගකල්ගත කරන අතර පළමු සැමියා හැරයාම නිසා වෙනත් පුරුෂයකු හා පවුල් කෑමට පටන් ගෙන ඇත. මවත් බාප්පාත් සමග තරුණ දියණිය දිවිගෙවා ඇත්තේ එකම නිවෙසකය.

මෙසේ කල් ගත කෙරෙන අතර 15 වියේ පසුවූ දියණිය බාප්පා ගේ අතවරයට ලක්ව ගැබ් ගෙන තිබේ. දිගින් දිගටම ඇය මෙසේ අතවරයට ලක්වන බව දැනගත් ප්‍රදේශවාසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමක් අනුව පසුගිය වසරේ පොලිස් අත්අඩංගුවට පත් බාප්පාට එරෙහිව නඩු පවරා ඇත.

ගැබිනි දියණිය අවිවාහක මව්වරුන්ගේ නිවාසයක රදවා තිබී ඇති අතර බාප්පා ඇප ලබා ගෙන නිදහස්ව පැමිණ ඇත. දියණිය කළුබෝවිල රෝහලේ සායනයකට පැමිණි අවස්ථාවේදී බාප්පා උපක්‍රමශීලිව කටයුතු කර ඇය පන්නාගෙන පලා ගොස් ඇඹිලිපිටිය ප්‍රදේශයේ නවතා ඇතැයි හෙලිවී ඇත.

ඇඹිලිපිටය රෝහලේදී දරුවා ලැබී දින දොළහකට පසුව බාප්පාගේ මැදිහත්වීම හා තවත් දෙදෙනෙකුගේ සහාය මත පිරිමි දරුවා මාතලේ ප්‍රදේශයේ යුවළකට රුපියල් අසූ දහසකට විකූණා ඇත. යළි තරුණ දියණිය නිවසට කැදවාගෙන පැමිණ ඇති බාප්පා දිගින් දිගටම මවට පහරදෙමින් ඇය අතවරයට පත් කරමින් නිවසේ රදවාගෙන සිට ඇති බව හෙලිවී ඇත.

මෙසේ රදවාගෙන සිටින අතරදී නිවසින් හොර රහසේ පලාගොස් ඇති දියණිය මාමා කෙනෙකුගේ සහායෙන් මේ බව කාන්තා කාර්යාංශයට පැමිනිලි කිරීමෙන් පසු විමර්ශන පවත්වා සැකකාර බාප්පා හා දරුවා විකිණිමට ආධාර හා අනුබල දුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

තරුණ දියණිය ගැලවීමේ හමුදාව බාරයට පත් කර විකූණු දරුවා සෙවීමට පරීක්ෂන පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශය එම දරුවා හා දරුවා හදාවාඩාගත් යුවළ මාතලේ නිවසක සිටියදී පොලිස් බාරයට ගනු ලැබීය. මේ දරුවා කුල වද්දා ගැනීමට එම යුවළ පියවර ගෙන තිබූ බවද අනාවරණය වී ඇත.

එම දරුවා හා හදාවඩාගත් මවුපියෝ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සදුන් නාගහවත්ත මහතාගේ සහ කාන්තා සහකාර පොලිස් අධිකාරි ලංකා රාජිනි මහත්මියගේ අධික්ෂණය යටතේ එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ කාන්තා පොලිස් පරීක්ෂිකා කාංචනා සමරකොන් මහත්මිය ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.

කොටදෙනියාව සමූහ ඒම්.පී. කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad