මගේ අතින් තෙල් ටිකක් ගැවත් ඇති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2013

මගේ අතින් තෙල් ටිකක් ගැවත් ඇති

ඇත්තටම මට නිලියක් වෙන්න බැරි වුනානම් මං හිතන් හිටියේ නර්ස් කෙනෙක් වෙන්න. මං හරි කරුණාවන්ත කෙනෙක්. මගේ අතින් තෙල් ටිකක් ගැවත් ඉක්මනට ලෙඩ හොඳ වෙනවා

යැයි සති අන්ත සදැල්ල අතිරේක පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡුාවට එක්වෙමින් සිංහල සිනමාවේ සරාගී චරිත රඟ පෑ සුරුපී නිළියක් වන සුමනා ගෝමස් කියයි.

අවුරුදු ගණනාවට පස්සේ ලංකාවට ආවහම සුමනාට ඇති වු සතුට කියා නිම කළ නොහැකියි. අද ගුවන් තොටුපලේ සිට ලංකාවේ සියල්ල වෙනස් වෙලා. මංමාවත් දියුණු වෙලා, වාහන වැඩිවෙලා, හරිම දියුණුයි, කලාව පවා ලොකු දියුණුවක් තියෙනවා.

එදා මං ගියේ ලංකාව ගැන කලකිරීමෙන්. ලංකාවේ අයට මගේ රංගනය ගැන හොඳ හැඟිමක් තිබුණේ නෑ. සුමනා අමෙරිකාවේ සුර සැප විදින්නේ නෑ. ඇය වැඩිහිටියන් බලන උපස්ථායිකාවක විදියට රැකියාවක නිරත වනවා. තමන් කරන දෙයින් තෘප්පීමත් වන බවද ඇය කියයි.

ලංකාව දාලා යන්න හිතෙන්නේ නම් නැ. එත් දැන් සුමනාගේ හැම දේම එහේ නිසා යන්න වෙලාලූ තියෙන්නේ. සුමනා භාර ගත්ත වගකීම් තියෙනවා යනුවෙන්ද ඈ පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad