කැඩුනොත් හදාගන්න (18+) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2013

කැඩුනොත් හදාගන්න (18+)

යුවතියක තම විවාහය තෙක් පිවිතුරු බව රැකගැනීම පෙරදිග සංස්කෘතිය තුළ ඉතා ඉහළින් අපේක්‍ෂා කළ කරුණක් විය. 

පිරිමින් කුමන අන්දමෙන් හැසිරීමකින් යුතු වුවද සමාජය විසින් ඒ පිළිබඳ එතරම් සැලකිලිමත් නොවු අතර ‘මුහුදේ නැව් ගියාට පාරවල් නැත’ යන කියමන තුළින්ම ඒ බැව් සනාථ වෙයි.

විවාහ මංගල දිනයේදී තම පිවිතුරු බව තහවුරු කිරීමට අපොහොසත්වීම යුවතියකගේ මුළු අනාගතයම අගාධයට ඇඳ දැමීමට හේතුවක් විනි. 

කිසියම් හේතුවක් මත විවාහයට ප‍්‍රථම කන්‍යා පටලයට හානි වු යුවතියන් ඒ පිළිබඳ බලවත් සිත් තැවුලට පත් වු අතර ඇතැම් විට රාත‍්‍රි නිදි වරමින් හැඩු කඳුලින් යුතුව විවාහ දිනයේදී මුහුණ පෑමට සිදුවිය හැකි කරතැබ්බිය පිළිබඳව අහස පොළොව ගැටලන්නට තරම් කල්පනාවෙන් පසුවු අවස්ථාවන් කොතෙකුත් වුවා විය හැකිය.

ඇද වු නාසය පිළිසකර කිරීමට, පියයුරු විශාල කරගැනීමට හා මුහුණ හැඩ ගැනීමට ආදිය සඳහා ප්ලාස්ටික් සැත්කම් ආරම්භ වීමත් සමඟ රූපාලංකාරය පිළිබඳ සැලකිලිමත් වන කතුන් අතර මෙම ප්ලාස්ටික් සැත්කම් වඩාත් ජනප‍්‍රිය වුයේ හිතුවාටත් වැඩි වේගයෙන්.

එහෙත් මේ සියල්ල පරදවා මේ වන විට බටහිර සමාජය තුළ ප්ලාස්ටික් සැත්කම් කලාවේ නිරත වු වෛද්‍යවරුන්ගේ පසුම්බි තර කරමින් කන්‍යා පටලය නැවත පිළිසකර කිරීම සඳහා සැත්කම් කලාවේ අලූත්ම රැුල්ලක් බවට පත් වී ඇති සෙයකි.

කන්‍යාභාවය නැවත පිළිසකර කිරීමේ සැත්කම් මෙසේ ජනප‍්‍රිය වීමත් සමඟ විවිධ සමාජයන්හි වෙසෙන කතුන් අතර කන්‍යාවක ලෙස නැවත පෙනී සිටිමේ ආශාවෙන් යුතු මෙන්ම විවිධ හේතුන් මත කන්‍යාභාවය ලැබීමේ අපේක්‍ෂාවන්ගෙන් යුත් කතුන් සැත්කම් අපේක්‍ෂාවෙන් වෛද්‍යවරුන් පසුපස පෝලිමේ ගැහෙන්නට යුහුසුළුව සිටිති.

පෙරදිග සංස්කෘතිය තුළ දශක ගණනාවක් තිස්සේ යුවතියකගේ කුමරි බඹසර සුරැකීම සමාජය විසින් දැඩි ලෙස අපේක්‍ෂා කළ අතර එය සමාජීය වශයෙන් මෙන්ම ආගමික හා සදාචාරමය වශයෙන් වැදගත් කොට සලකති.

එහෙත් සියල්ල ක්‍ෂිණික හා කෘතීම බවට පත් නුතන යුගයෙහි විවාහයට පෙර කිසියම් හේතුවක් මත තමනට අහිමි වු කන්‍යා පටලය ශල්‍යකර්මයටකට භාජන වීමෙන් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකීවීම වඩාත් ක්‍ෂිණක පහසු ක‍්‍රමයට බවට පත්වීමෙන් මෙවැනි සැත්කම් සඳහා යොමුවන කතුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවති.

විවාහයේදී ගැහැණියකගේ වටිනාකම මනින මිනුම් දණ්ඩක් බවට පත් ව ඇති කන්‍යාභාවය ගැන බොහෝ දෙනෙකු විවිධ අදහස් දරති.

එහෙත් සැබැවින්ම මේ කන්‍යාභාවය යනු කුමක්ද?
හෙවත් කන්‍යාභාවය යනුවෙන් අදහස් වනුයේ පිරිසිදු  (Pure) එමෙන්ම ස්පර්ශ නොකළ හා නොපෙන්වන ලද යන්නයි.

වෙළෙඳපොළේ අලෙවි වන ඔලිව් තෙල් අතර  Extra Virgin Oil පිළිබඳ සැලකුවහොත් ඔලිව් ඵලයේ ප‍්‍රථම වරට මිරිකා ලබා ගන්නා යුෂයෙන් සැකසු එමෙන්ම සියයට අටක් වැනි සුළු ප‍්‍රමාණයක අම්ල අඩංගු බැවින් එහි පවිත‍්‍රත්වය ඉහළින් ඇති බැව් පවසන්නට එසේ නම් කොට ඇත. 

එපමණක් නොව වෙළෙඳ පොලේ ඇති ඇතැම් පානයන් එහි මද්‍යසාර අඩංගු මිශ‍්‍රණයන් එක් කොට නොමැති පිරිසිදු බව තහවුරු කිරීමට එම පානය Virgin යනුවෙන් නම් කර ඇත.

ඒ අයුරින්ම කිසිදිනෙක ලිංගික සබඳතාවක් නොපැවැත්වු හෝ ලිංගික ක‍්‍රියාකාරකමක නිරත නොවු ගැහැනු මෙන්ම පිරිමින් ද කන්‍යාභාවයෙන් යුක්ත වුවන් ලෙසින් සලකනු ලබයි.  ඒ අනුව මානව වර්ගයා පිළිබඳ සිදුරු වීම යන්න ඇය එතෙක් තම පිවිතුරු බව රැකගත් කන්‍යාවකට සිටි බව මනිනු ලබන මිනුම් දණ්ඩකි.

අතීතයේදී ගැහැණිය ඉතා සුකුමල තැනැත්තියක ලෙසින් සැලකු අතර හඩනැගෙන සේ කොක් හඩලා සිනාසීම ඇයට තහනම්ව තිබිණි. එපමණකුදු නොව ඇගේ ලාලිත්‍යයෙන් පාද තබමින් යෙදෙන ගමන ගැන නොයෙකුත් තැන් හි සඳහන් වු අතර බයිසිකල් පැදීම වැනි පිරිමින් විසින් කරනු ලබන විවිධ ක‍්‍රියාවන් තහංචි වුයේ ද එවැනි ක‍්‍රියාකාරකම් තුළින් කන්‍යා පටලයට හානි සිදුවීමට ඇති ඉඩකඩ හේතුවෙන් වන්නට ඇත. 

කෙසේ වුවද මේ සියවසේ වෙසෙන කාන්තාවන් බොහොමයක් කුස්සිය මුල්ලෙන් සාලයට නොව සමාජයටම අවතීර්ණ වී ඇති අතර අසුන් පිටයෑම, ශෘරීරීක ව්‍යායාමයන් ආදියෙන් නිරතවනවාක් මෙන්ම වැම්පොන් යනුවෙන් නම් වු අර්තව සමයෙහී භාවිත කරන සනීපාරක්‍ෂක තුවා භාවිතයට යොමු වී ඇති අතර ඒ තුළින් කන්‍යා පටලයට හානි සිදු වීමට ද ඉඩ කඩ ඇත.

කුමක් ද මේ කන්‍යාපටලය.

විවාහයට මෙන්ම විවාහ මංගල උත්සවයනට අධිපතිනිය ලෙෂ සැලකෙන ග්‍රීක දෙවඟනක වු  Hymenaeus නම ඇසුරින් කන්‍ය පටලය Hymen ලෙසින් නම් කරනු ලැබිණි. කාන්වකගේ යෝනී මාර්ගයේ බාහිර විවරය ආවරණය කරනු ලබන ටිෂු පටලය මෙලෙස කන්‍යා පටලය මෙලෙස කන්‍යා පටලය ලෙසින් සලකනු ලබයි.

ඇතැම් විට එය සිදුරුවීමෙන් මෙන්ම සිදුරු නොවීමට ද ඉඩ කඩ ඇත. ජීව විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගැනීමේදී කන්‍යා පටලය යන්න යුවතියකගේ පිවිතුරු බව මනින නිවැරදි මිනුම් දණ්ඩක් නොවුණේ කන්‍යා පටලය නම් වු සියුම් සිවිය ඉහත පැවසු අන්දමට විවිධ ක‍්‍රියාකරකම් හේතුවෙන් ඉරියෑමට ඉඩ ඇති සේම ඇතැම් යුවතියකට කන්‍යා පටලය කිසිසේත් නොපිහිටන අවස්ථාවන් ද ඇති බැවිනි. 

එමෙන්ම කන්‍යා පටලයේ ඇදෙන සුළු ස්වභාවය හේතුවෙන් ප‍්‍රථම ලිංගික එක්වීමේදී ඇතැම් විට එය ඉරියෑමක් සිදු නොවන අවස්ථාවන් ද තිබිය හැකිය.

කෙසේ වුව ද කාලයාගේ ඇවැමෙන් ලෝකය වඩාත් පුළුල් වී විකාශනයට පත් වී ඇති නුතන යුගයෙහී ඉතා සුළු ප්ලාස්ටික් සැත්කමකට භාජන වීමෙන් තම හානි වු කන්‍යා පටලය නැවත පිළිසකර කරගැනීමට හැකිවීම බොහෝ කතුනට සුභාරංචියක් වන බැව් නිසැකය.

උපුටා ගැනිම- නවලිය පුවත්පත
ලිව්වේ- නිලංකා ජයසුරිය
ලක් පුවත් ඇසුරෙනි
http://www.lakpuvath.lk/athana-methana/item/446-%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%94%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

No comments:

Post a Comment

Post Bottom Ad