සුමනදාසගේ තවත් අනාවැකියක් කෙප්පයක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 23, 2013

සුමනදාසගේ තවත් අනාවැකියක් කෙප්පයක් වෙයි

දයාසිරි ජයසේකරගේ මනාප සංඛ්‍යාව පලාත් සභා මැතිවරණයකදී ලබාගත් වාර්තාගත මනාප ජයග්‍රහණයකි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල ජ්‍යෝතිෂ්‍යවේදියා වන සුමනදාස අබේගුණවර්ධනගේ තවත් අනාවැකියක් ගල් පැලෙන කෙප්පයක් වී ඇත. 

මීට පෙර ලංකාව වර්‍රල්ඩ් කප් දිනන බවට කළ අනාවැකියක්ද මේ අයුරින් වැරදී ගියේය.සුමනදාසගේ ආසන්නතම අනාවැකිය වූයේ ඇමති ජොන්ස්ටන්ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු වයඹින් වැඩිම මනාප ගන්නා බවත්, දෙවැනියා හා ඔහු අතර මනාප වෙනස ඉතා විශාල අගයක් වන බවත්ය.

"ජොහාන්ගේ හඳහන මට ලැබුනේ දවස් 7කට කලින්, මේ හඳහන අනුව ජොහාන් අසලකටවත් එන්න වෙනත් කිසිදු අපේක්ෂකයකුට බෑ. පළමු තැන ගන්න ජොහාන් හා දෙවන තැන ගන්න අපේක්ෂකයා අතර විශාල පරතරයක් තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට වසර ගණනාවක් පුරා මම කියපු අනාවැකිය සියයට සියක් හරි ගිහින් තියනවා. මේ අනාවැකිය වැරදුනොත් මම මීට පස්සේ හඳහන් බලන්නේ නෑ" යනුවෙන් මෙම ජ්‍යෝතිෂ්‍යවේදියා පවසා තිබුනේ පසුගිය 01 වැනිදා රත්කරව්වේ ජොනීගේ නිවසේදීය.

ඒ අනුව සුමනදාස අබේගුණවර්ධන අද පටන් කේන්දර බැලීමෙන් ඉවත්වී සිය අව්‍යාජත්වය ඔප්පු කළ යුතුය.

දයාසිරි ආණ්ඩුවට ගැනීම ප්‍රමාද කළේද මෙම ජ්‍යෝත්ශ්‍යවේදියාමය. ඇතැම් විට ඒ ජොනීගේ උවමනාවකටද යන්න දැන් සැක කළ හැකිය.

දයාසිරිගේ කේන්දරය හොඳ එකක් නොවන බව ඔහු විසින් ජනාධිපතිවරයාට පවසා තිබූ අතර ජනාධිපතිවරයා විසින් ඔහුව ආණ්ඩුවට ගැනීම මාස ගණනාවක් ප්‍රමාද කළේ සුමනදාසගේ කීම අසාය.

මෙවර මැතිවරණයේදී නාමල් රාජපක්ෂ විසින් කෙලින්ම උදව් කළේ ජොනීගේ පුතාටය. කුරුණෑගල මාලිගාපිටියේ රැස්වීමකට ජනාධිපතිවරයා පැමිණි විටද ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කළේ ජෙහාන්ට ය.

එක මනාපයක් හෝ වැඩිපුර ලබාගතහොත් මහ ඇමතිකම ජෙහාන්ට ලබාදෙන බවට ඔහු පොරොන්දු විය.අනාවැකි කීම සඳහා සුමනදාස අබේගුණවර්ධන විසින් ජෙහාන්ගේ රත්කරව්ව නිවසට පසුගියදා ගිය අයුරුත්, සුමනදාස ජෙහාන් ව වැලඳගන්නා අයුරුත් දැක්වෙන වීඩියෝවක් පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad