ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු - (video)

සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී දෙමල ජනතාවගේ උතුරේ පිහිටි නිජබිමක් ගැන සහ දිවයිනේ මුල් භාෂාව දෙමළ ලෙස පැවසීම පසු ගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක් විය. එම ප්‍රකාශය ඊයේ දින පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ, සරත් වීරසේකර, සීතා අරඹේපොළ සහ මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැඩි විවේචනයට බඳුන් කළහ.

මේ අතර සමස්ත ලංකා දෙමල කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඊයේ සවස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ උතුර දෙමළ ජනතාවගේ නිජ බිම බවත්, අතුරු සම්මත ගිණුම මගින් බුද්ධ සාසන සහ ආරක්ෂක අමාත්‍යංශවලට විශාල මුදලක් වෙන් කිරීම මගින් උතුරේ ජනතාව විනාශය කරාගෙන යන බවත්ය. තව ද ආරක්ෂක අමාත්‍යංශයේ සියලු ක්‍රියාකාරකම් උතුරේ නැවැත්විය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මහාචාර්ය චන්න ජයසුමන මහතා එවන් නිජබිමක් උතුරේ නැති බවත්, විග්නේශ්වරන්ට සහා ගජෙන්ද්‍රන්ට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යනම් යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය කියවීමෙන් ඒ බව දැන ගත හැකි බවත් පෙන්වා දුන්නේය. ක්‍රිව 12 සියවසට පෙර මෙරටේ අඛණ්ඩ දෙමල ජනාවාස පැවති බවට සාක්ෂි නැති බව එමගින් හෙළි වන බව පැවසු මහාචාර්ය ජයසුමන එම නිබන්ධනය සභා ගත කළේය.

මෙරට ජනතාව පසුගිය මහා මැතිවරණයේ දී 2/3 ජනවරමක් දුන්නේ බුද්ධ සාසනය මෙන්ම පුරා වස්තු ද ආරක්ෂා කිරීමට බව පැවසු මහාචාර්යවරයා ආරක්ෂක අමාත්‍යංශය නොවන්නට උතුරේ ජනතාවට අද නිදහසේ ජීවත් වීමට වරම් නොලැබෙන බව පෙන්වා දුන්නේය.

බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ බෞද්ධ කටයුතුවලට මෙන්ම හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි කටයුතුවලට ද මුදල් වෙන් කර ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

– midea unit


No comments:

Post a Comment

Post Bottom Ad