නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව අවලංගුයි - මෛත්‍රීට ගෞරවනීය තනතුරක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 28, 2020

නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව අවලංගුයි - මෛත්‍රීට ගෞරවනීය තනතුරක් ඉල්ලයි

නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව අවලංගුයි - මෛත්‍රීට ගෞරවනීය තනතුරක් ඉල්ලයි

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව නොපැවැත්වීමට තිරණය කර තිබේ.

මහජන ඒකරාශි කිරීමකින් තොරව එම උත්සවය වෙනුවට ආගමික කටයුතු බෙල්ලන්විල විහාරයේදී ලබන මස 02 වනදා පැවැත්වීමට තීරණය කළ බව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෞරවනීය තනතුරක් ලබාදිය යුතු බවට කිසිදු ලිඛිත ඉල්ලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එවැනි තනතුරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු බවට විශ්වාස කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මහ ලේකම්වරයා මේ බව පැවසූවේ ඊයේ (27) පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad