ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට ව්‍යාපාරියෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට ව්‍යාපාරියෙක් අත්අඩංගුවට

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට ව්‍යාපාරියෙක් අත්අඩංගුවට

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඒ සදහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු අරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (28) සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවයි.

එම රියදුරාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව අද උදෑසන සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකි.

සැකකරුවන් දෙදෙනා හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad