සර් පන්තිය ලගට ඇවිත් ආදරේදැයි අහලා : බෑ කී ගුරුතුමියට පාසලේදීම කනට ගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

සර් පන්තිය ලගට ඇවිත් ආදරේදැයි අහලා : බෑ කී ගුරුතුමියට පාසලේදීම කනට ගහලා

ගුරුවරයා දින කිහිපයක් තිස්සේ ගුරුවරියකගෙන් කැමැත්ත ඉල්ලලා
ගුරුවරිය පොලීසියයි

රත්නපුර නගරයට කිලෝමීටර් 20ක පමණ දුරින් පිහිටි නගරයක ප්‍රධාන පාසලක උසස් පෙළ ගුරුවරයකු විසින් එම පාසලේම උසස් පෙළ ගුරුවරියකට ආදරය ප්‍රකාශ කර ඇතත් ගුරුවරිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී ඇතිවූ ප්‍රශ්නයක් මත එම ගුරුවරයා හා ගුරුවරිය පසුගිය සිකුරාදා (21දා) සිට පාසලට පැමිණ නැති අතර අදාළ විෂය කරුණු ඉගැන්වීමට අයකු නොමැති වීමෙන් මෙවර උසස් පෙළට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින සිසු සිසුවියන් පිරිසක් මහත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.

මෙම පාසලේ ඉගෙන ගන්නා දරුවන් බොහෝ පිරිසකට අමතර පන්තිවලට යෑමට ආර්ථික මට්ටමක් නොමැති අතර එසේ ගියත් කිලෝමීටර් 35ක පමණ දුරක් ගෙවා රත්නපුර නගරයට පැමිණිය යුතු වීමද විශාල ගැටලුවක් වී තිබෙනවා.

එම පාසලේ උසස් පෙළ උගන්වන ගුරුවරයා දින කිහිපයක් තිස්සේ එම පාසලේම උසස් පෙළ ගුරුවරියකගෙන් කැමැත්ත ඉල්ලා කරදර කර ඇති අතර පසුගිය සිකුරාදා ඔහු පාසල් වේලාව අතරතුර ගුරුවරිය උගන්වමින් සිටි පන්තිය අසලට ගොස් නැවතත් ආදරය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ අවස්ථාවේදී ද එම ගුරුවරිය එයට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග උරණ වූ ගුරුවරයා ගුරුවරියගේ කම්මුලට පහර දී ඇති අතර ඉන් ඇයට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වනවා.

එම පහරදීමෙන් අනතුරුව ගුරුවරයා පාසලින් නික්ම නිවසට ගොස් ඇති අතර ගුරුවරිය අයගම පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් කර තිබෙනවා.පසුව පොලිසිය එම පාසලේ විදුහල්පති හිමිනමගෙන් මේ පිළිබඳව කරුණු විමසා ඇති අතර එවිට විදුහල්පති හිමියන් පවසා ඇත්තේ තමා මේ සිද්ධිය දැනගත්තේ පස්වරු 5.00ට පමණ වන බවයි. පසුව පොලිසිය එම ගුරුවරයා සොයා ඔහුගේ නිවසට ගොස් ඇතත් ඔහු නිවසින් බැහැරව ගොස් සිටි බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නොහැකිව ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad